මෙරට වාණිජ සිනමාවේ දැවැන්ත පෙරළියක් සිදු කරමින් නොමැකෙන මතක සටහන් තැබූ ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ සහ නිෂ්පාදක සේන සමරසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මියයන විට ඒ මහතා 89 වන වියේ පසුවිය .70 සහ 80 දශකවල අතිශය ජනප්‍රිය චිත්‍රපට රැසක් දැයට දායාද කළ ඒ මහතා, ප්‍රේක්ෂකයන් අතර නොමඳ ගෞරවාදරයට පාත්‍ර වූ නිර්මාණකරුවෙකි.‘කස්තුරි සුවඳ’, ‘චංචල රේඛා’, ‘ඈතින් ඈතට’, ‘මල් කැකුළු’, ‘නිල්ල සොයා’ සහ ‘යළි හමුවෙන්නයි’ වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපට රැසක් ඔහු අධ්‍යක්ෂණය කොට තිබේ.
සබීතා පෙරේරා බන්දු සමරසිංහ වැනි කලාකරුවන් රැසක් සිනමාවට හඳුන්වා දීමට පුරෝගාමී වූ සේන සමරසිංහ මහතා, ශ්‍රී ලංකා – පාකිස්ථාන හවුල් නිෂ්පාදන හරහා දේශීය සිනමාව ජාත්‍යන්තරයට ගෙනයාමට ද සුවිශේෂී මෙහෙවරක් ඉටු කොට තිබේ.ඔහුගේ අභාවය සම්බන්ධයෙන් කලා ක්ෂේත්රයේ ප්‍රවීණයන් රැසක් සිය ශෝකය පළකර ඇති අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දීමට නියමිත ය.