පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මුල් මාස හය තුළදී මෙරටට ආනයනය කර ඇති සීනි ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවක් පෙන්වා දෙයි.ඒ අතර, දේශීය සීනි නිෂ්පාදනය ද සැලකිය යුතු ලෙසින් පහළ වැටී තිබීම ද විශේෂත්වයකි. මහ බැංකු දත්තවලට අනුව, 2025 වසරේ මුල් මාස හය තුළදී මෙරටට සීනි මෙට්‍රික් ටොන් 343,416ක් ආනයනය කර තිබේ. එහෙත් පසුගිය වසරේ මුල් මාස හයේදී ආනයනය කර ඇත්තේ සීනි මෙට්‍රික් ටොන් 223,144ක් පමණි.මෙය, 2024 වසරේ එම කාලයට සාපේක්ෂව මෙට්‍රික් ටොන් 120,272ක විශාල වැඩිවීමකි.මෙම ආනයනය වැඩිවීමට සමගාමීව, දේශීය සීනි නිෂ්පාදනය විශාල ලෙස පහළ වැටී ඇත. 2025 වසරේ මුල් මාස හය තුළ දේශීය සීනි නිෂ්පාදනය වී ඇත්තේ මෙට්‍රික් ටොන් 26,792ක් පමණි. පසුගිය වසරේ එම කාලය තුළ එය මෙට්‍රික් ටොන් 42,605ක් විය. ඒ අනුව, දේශීය නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 15,813කින් අඩු වී තිබේ.