අනුරාධපුර,මිහින්තලය,සීප්පුකුලම ප්‍රදේශයේ දී “අඹබෝ” නම් හස්තියා ගිනි තබා ඝාතනය කළ බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනා එළඹෙන ජනවාරි 07 වෙනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද(24) නියෝග කොට තිබේ මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර බී මැද්දේගොඩ රජයේ අධිනීතීඥ වරයා ප්රමුඛ සහ සෙසු නීතීඥවරුන් දැක්වූ කරුණු සහ විත්තියේ කරුණු සළකා බැලූ අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් වරිය විසින් මෙම නියෝගය පනවන ලදී. මේ අවස්ථාවට මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් ඇතුළු සංඝරත්නය ද, විවිධ සත්ව සුභසාධන සංවිධාන නියෝජිත පිරිස් ද එක් ව සිටියහ.