හෙට ඡන්ද පොළවල් වන අලින්ගෙන් බේරන වැඩ පිළිවෙලක්

ගලමුදුන, උඩගලදෙබොක්ක ඇතුළු මහනුවර දිස්ත්‍රික්කයේ වන අලි තර්ජන පවතින දුෂ්කර ප්‍රදේශ වල පිහිටි ඡන්ද මධ්‍යස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන මහනුවර දිස්ත්‍රික් ලේකම් හා තේරීම්භාර නිලධාරී ඉන්දික උඩවත්ත මහතා පවසයි.ඉන්දික උඩවත්ත මෙම අදහස් පළ කරන ලද්දේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සම්බන්ධයෙන් අද (05) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.වනජීවී දෙපාර්තමේන්තුව සහ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඒකාබද්ධව එම වැඩපිළිවෙළ දියත් කොට ඇතැයි සඳහන් කළ ඔහු පස් කඳු කඩා වැටීම්, අධික වර්ෂාව සහ හදිසි ජලගැලීම් හේතුවෙන් සිදුවන ස්වාභාවික ආපදා තත්ත්වයන් යටතේ ඡන්දය අවහිරයකින් තොරව පැවැත්වීම සඳහා අවශ්‍ය විධිවිධාන යොදා ඇති බවද සඳහන් කළේය. මාර්ග සංවර්ධන අධිකාරිය, යුද හා නාවුක හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ඒ සම්බන්ධයෙන් දැනුවත් කොට ඇති බව ද ඒ මහතා කීය.

කාලීන පුවත්