හෙට මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක්

දුම්රිය මාර්ග පද්ධතියේ පවතින දෝෂ සහ පරිපාලන ගැටලු ඇතුළු කරුණු කිහිපයකට මෙතෙක් විසඳුම් නොලැබීම හේතුවෙන් ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් දුම් රිය රියදුරු සංගමය හෙට (29 ) දින මධ්‍යම රාත්‍රී 12 සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.මේ හේතුවෙන් දිවයින පුරා සියලුම දුම්රිය සේවා ඇණහිටිනු ඇතැයිද පවසන එම සංගමයේ සභාපති කේ.ඒ.යූ. කොන්තසිංහ මහතා මගී ජනතාවට සිදුවන අපහසුතා පිළිබඳව කණගාටුව පළ කරන බවත් කියා සිටී.

කාලීන පුවත්