හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුදාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.කලක් රෝගාතුරව සිටි ඒ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.මිය යන විට ඇය 78වන වියෙහි පසුවූවා ය.1947 අප්‍රේල් මස 30වනදා කැලණිය ප්‍රදේශයේදී වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නමින් යුතු වූ අතර කැලණිය ගුරුකුල විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ඇය පසු කාලීනව මාලනී ෆොන්සේකා නමින් රංගනයට පිවිසුණේ 1963 වසරේ දී වේදිකා නාට්‍ය මඟිනි.පසුව මාලනී ෆොන්සේකා මහත්මිය, 1968 වසරේදී පුංචි බාබා චිත්‍රපටයෙන් සිනමාවට පිවියාය.ඒ ප්‍රවීණ නළු ජෝ අබේවික්රමයන් ගේ මඟ පෙන්වීම යටතේ ය.එවක ඇගේ වයස අවුරුදු විසි එකකි.1973 වසරේදී ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ මාලනී ෆොන්සේකා මහත්මිය හොඳම නිළිය ඇතුළුව ජනාධිපති, සරසවි, ඕ.සී.අයි.සී, සුමති වැනි සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ.නිධානය,එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, වෑකන්දේ වලව්ව, ආරාධනා, අම්මාවරුනේ වැනි විත්‍රපට මාලනී ෆොන්සේකා මහත්මියගේ රංගන කුසලතාව ප්‍රකට කළ විශිෂ්ට නිර්මාණ ලෙස සනිටුහන් වේ.2010 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස දේශපාලනයටද පිවිසි මාලනී ෆොන්සේකා මහත්මිය 2015 වසර වන තෙක් ජාතික ලයිස්තු මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළා ය.