අගෝස්තු මාසයේ මුල් දින 13ට සංචාරකයින් 93,511ක් දිවයිනට

මෙම වසරේ අගොස්තු 13 වන දින වනවිට සංචාරකයින් 1,436,926ක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.මෙලෙස දිවයිනට පැමිණ ඇති සංචාරකයින්ගෙන වැඩිම සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 358,608ක්.

මීට අමතරව බ්‍රිතාන්‍යයෙන් සංචාරකයින් 140,892ක්, චීනයෙන් සංචාරකයින් 94,890ක්, ජර්මනියෙන් සංචාරකයින් 83,965ක් මෙරටට වැඩිම සංචාරකයින් පැමිණි රටවල්වෙයි.මේ අතර අගෝස්තු මාසයේ මුල් දින 13 තුළ සංචාරකයින් 93,511ක් දිවයිනට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පවසයි.

කාලීන පුවත්