නිතර භාවිතයට නොගන්නා දුම්රිය මාර්ග පුනර්ජීවනය කිරීම සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අද්විතීය දුම්රිය සංචාරක අත්දැකීමක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ‘පටෙල් ට්‍රොලි’ (Patel Trolley) නමින් නව දුම්රිය සේවයක් ආරම්භ කරන්නට කටයුතු යොදා ඇති අතර අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට මිහින්තලය දුම්රිය ස්ථානය දක්වා මෙය දියත් කරන්නට මේ වන විට සියලු කටයුතු යොදා තිබේ. අවට පරිසරයේ සුන්දරත්වය විඳගනිමිින්, ඉපැරණි නටබුන් නරඹමින් යන මේ ගමන සංචාරකයන්ට අලුත්ම ආකාරයේ අත්දැකීමක් ලබා දෙනු නොඅනුමානය. එක කාලයකට පමණක් භාවිතයට ගැනෙන මේ දුම්රිය මාර්ගය මින් මතුවට ආදායම් උත්පාදනය කෙරෙන්නක් බවට පත් කළ හැකි වනු ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසයි.
වසරේ වැඩි කාලයක් මෙම දුම්රිය මාර්ගය අක්‍රියව පැවතුනි. ‘පටෙල් ට්‍රොලි’ හඳුන්වා දීම යනු මෙම නිද්‍රාශීලී දුම්රිය මාර්ගය භාවිත කිරීමට උපාය මාර්ගික උත්සාහයක් වන අතර සංචාරකයින්ට සංස්කෘතික සහ ඓතිහාසික වශයෙන් වැදගත් වන පරිසරයක් හරහා අපූරු ගමනක අත්දැකීම් ළඟා කර දෙයි. පොසොන් සමයෙන් පසුව ද මේ ට්‍රොලි සේවය නිතිපතා ධාවනය කිරීමට අපේක්ෂා කරන අතර, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අමතර ආදායමක් උපයා ගැනීමට උපකාරී වන ගාස්තු පදනම් කරගත් සැලැස්මකින් මෙය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු යොදා තිබෙන බව පැවසේ.

අනුරාධපුර – මිහින්තලේ දුම්රිය මාර්ගය ඓතිහාසික හා ආගමික වැදගත්කමක් දරයි. රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ධුරය දරන සමයේ ඇති වූ සංකල්පයක් මත, එවකට ප්‍රවාහන අමාත්‍ය විජයපාල මෙන්ඩිස්ගේ අධීක්ෂණය යටතේ 1993 වසරේ දී මෙය ඉදි කරන ලදී. විශේෂයෙන් මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ ඉදි වූ මෙය ආසන්න වශයෙන් කිලෝමීටර 11 ක දුරක් විහිදේ. එහි මූලික අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ වඩාත්ම පූජනීය බෞද්ධ ස්ථානයක් වන අනුරාධපුරයේ සිට මිහින්තලේ දක්වා ගමන් කරන බැතිමතුන්ට පහසුවෙන් ප්‍රවේශ වීමට පහසුකම් සැලසීමයි. සාම්ප්‍රදායිකව, මේ දුම්රිය මාර්ගය ක්‍රියාත්මක වී ඇත්තේ පොසොන් සමයේ දී පමණක් වන අතර, ඒ ශ්‍රී ලංකාවට බුදු දහම හිමි වීමේ ඓතිහාසික සිදුවීම සැමරීම සඳහා විශාල බැතිමතුන් පිරිසක් මිහින්තලයට පැමිණෙන විටය.

මේ නිසා වසරේ වැඩි කාලයක් මෙම දුම්රිය මාර්ගය අක්‍රියව පැවතුනි. ‘පටෙල් ට්‍රොලි’ හඳුන්වා දීම යනු මෙම නිද්‍රාශීලී දුම්රිය මාර්ගය භාවිත කිරීමට උපාය මාර්ගික උත්සාහයක් වන අතර සංචාරකයින්ට සංස්කෘතික සහ ඓතිහාසික වශයෙන් වැදගත් වන පරිසරයක් හරහා අපූරු ගමනක අත්දැකීම් ළඟා කර දෙයි. පොසොන් සමයෙන් පසුව ද මේ ට්‍රොලි සේවය නිතිපතා ධාවනය කිරීමට අපේක්ෂා කරන අතර, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අමතර ආදායමක් උපයා ගැනීමට උපකාරී වන ගාස්තු පදනම් කරගත් සැලැස්මකින් මෙය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු යොදා තිබෙන බව පැවසේ.
මේවා ‘පටෙල් ට්‍රොලි’ නමින් හඳුන්වන්නට පැහැදිලි හේතුවක් සොයා ගන්නට නැතත්, බොහෝ විට මේ වර්ගයේ ට්‍රොලි නිෂ්පාදනය කෙරෙන ඉන්දීය සමාගමක් වන Patel Material Handling Equipment නිසා එය භාවිතයට පැමිණ ඇතැයි අනුමාන කළ හැකිය. මේ සමාගම මේ වර්ගයේ ට්‍රොලි, කර්මාන්තවල භාවිත වන කරත්ත ආදිය නිෂ්පාදනය කරන්නට ප්‍රකටය. මේ නිසා ඉන්දියාවෙන් අපනයනය කෙරෙන මෙවැනි ට්‍රොලි සඳහා ‘පටෙල් ට්‍රොලි’ යන නම සාමාන්‍යයෙන් භාවිත වන බව පෙනෙන්නට තිබේ. එය වෙළෙඳ නාමයක් වුව ද, අදාල ට්‍රොලි වර්ගය හැඳින්වීම සඳහා භාවිත වන පොදු යෙදුමක් බවට කෙමෙන් පත්ව ඇති බව සිතිය හැකිය.

ගෝලීය වශයෙන් මෙවැනි ට්‍රොලි සහිත සැහැල්ලු දුම්රිය සේවා ලෝකයේ බොහෝ රටවල භාවිත වන බව පෙනෙන්නට තිබේ. උදාහරණයක් ලෙස බ්‍රසීලයේ රියෝ ජි ජැනයිරෝ හි ඇති ‘සැන්ටා තෙරේසා ට්‍රෑම්’ සේවය සඳහන් කළ හැකිය. එය ද මේ හා සමාන ට්‍රොලි සේවයක් ලෙස ක්‍රියාත්මක වන්නක් වන අතර එය 19 වැනි සියවසේ අගභාගයේ සිටම ක්‍රියාත්මක වේ. බ්‍රසීලයේ යටත් විජිත යුගයේ ගෘහ නිර්මාණ ශිල්ප දැක දැක ගැනීමට ඉඩ සලසමින් කඳුකර මාර්ග ඔස්සේ මෙය ගමන් කරයි. එමෙන්ම ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි ඇති ‘සිටි සර්කල් ට්‍රෑම්’ සේවය මධ්‍යම ව්‍යාපාරික අග නගරය තුළ ගමන් කරමින් අපූරු ආකාරයේ අත්දැකීමක් සංචාරකයින්ට ලබා දීම සඳහා නොමිල සේවාවක් ලෙස ක්‍රියාත්මක වේ.

උතුරු ඇමරිකාවේ කැනඩාවේ ටොරොන්ටෝ සහ ඇමරිකා එක්සත් ජනපදයේ සැන් ඩියෙගෝ අතර වූ මාර්ගයේ මෙවැනි ට්‍රොලි සේවයක් ක්‍රියාත්මක වෙයි. මේවා සංචාරකයින්ට ගමන් පහසුව සලසනවා පමණක් නොව ප්‍රධාන නැරඹුම් ස්ථාන සම්බන්ධ කරමින් සංචාරකයින්ට අපූරු අත්දැකීමක් ලබා දෙන්නට ද මෙය හේතුවක් වී තිබේ. ළමා කතා මාලාවක් නිසා ආරම්භ වූ ජපානයේ ඔකායාමා හි ‘චුගිංටන් ට්‍රෑම්’ සේවය පොදු ප්‍රවාහනය වින්දනාත්මක එකක් බවට පත් කොට තිබේ. ඉන්දුනීසියාවේ ද සංස්කෘතිකමය වශයෙන් වැදගත් කලාප ඔස්සේ ගමන් කරන කෙටි දුම්රිය මාර්ගවල මෙවැනි සේවයක් ක්‍රියාත්මක වෙයි. ඊට අමතරව ලෝකයේ ඇතැම් රටවල කලාතුරකින් භාවිතයට ගැනෙන දුම්රිය මාර්ගවල පොදු ජනතාව විසින් භාවිතයට ගැනෙන කුඩා එංජිමක් සහිත මෙවැනි ට්‍රොලි භාවිත වනු ද ඕනෑ තරම් දැක ගත හැකිය. පිලිපීනයේ සහ කාම්බෝජයේ ද මේ සේවය දකින්නට ලැබේ.

මෙවැනි ට්‍රොලි පද්ධතියකින් සංචාරක කර්මාන්තය නගා සිටුවාලීම සඳහා කෙතරම් පිටිවහලක් ලැබේ ද යන්න මේ සියලු උදාහරණවලින් පැහැදිලි වෙයි. පහසු ප්‍රවාහන මාධ්‍යයක් සපයනවාට අමතරව, අදාළ කලාපය තුළ වූ සංස්කෘතිකමය වටිනාකම ඉස්මතු කරන්නට ද මෙයින් මහත් දායකත්වයක් සපයයි. ඒ සමගම රැකියා උත්පාදනය, එම ප්‍රදේශවල ආර්ථික වර්ධනයක් ඇති වීම, තිරසාර සංචාරක ව්‍යාපාරයක් සඳහා මං විවර වීම මේ තුළින් ලැබෙන තවත් වාසි සහගත තත්ත්වයන් ලෙස සැලකිය හැකිය. මේවා කාලයත් සමග මේ ආකාරයේ නගරවල සංචාරක ආකර්ෂණයක් බවට පත් වන අතර ප්‍රාදේශීය උරුමයන් සෙමින් විඳ ගනිමින් අපූරු අත්දැකීමක් ලබා ගන්නට ද උපකාරී වෙයි. අනුරාධපුර නගරයත් මිහින්තලයත් අතර මිනිත්තු 35 ක පමණ කාලයක් පුරා ගමන් කරන මේ අපූරු ට්‍රොලි සේවාව තුළින් ඒ කලාපයේ වූ මෙතෙක් හොඳින් දැක බලා ගැනීමට හැකියාවක් නොලැබුණු සංස්කෘතික උරුමය සහ නටබුන් පැහැදිලිව අත්දකින්නට ද මෙය මග විවර කර දෙන බව නොඅනුමානය.

මේ ආකාරයට ශ්‍රී ලංකාවේ වෙනත් පළාත්වල පවතින නිතර භාවිතයට නොගැනෙන දුම්රිය මාර්ග සඳහා ද මෙවැනි ව්‍යාපෘති හඳුන්වා දෙන්නට කටයුතු කළ හැකිය. නිදසුනක් ලෙස මාතලේ – මහනුවර දුම්රිය මාර්ගය සහ මඩු සිද්ධස්ථානය ඔස්සේ වැටී ඇති මැදවච්චිය – තලේමන්නාරම මාර්ග විශේෂයෙන් සඳහන් කළ හැකිය. මාතලේ – මහනුවර මාර්ගය බෑවුම් සහිත බැවින්, එහි සුරක්ෂිතව ගමන් කළ හැකි පරිදි ට්‍රොලි සකස් කර ගත යුතුය. සංචාරක මග පෙන්වන්නන් ද සහිතව, වඩාත් සුවපහසු ලෙස, ආරක්ෂිතව ගමන් කළ හැකි ට්‍රොලි සේවා ඇති කිරීම තුළින් සංචාරක ව්‍යාපාරයට මහත් සේවයක් ඇති කළ හැකිය.
පටෙල් ට්‍රොලි සේවය තුළ ප්‍රවාහන අත්හදා බැලීමකට වඩා වැඩි යමක් පවතින බව සඳහන් කළ යුතුය. එය නවෝත්පාදනය, උරුමය සහ ආර්ථික දූරදර්ශීභාවයේ සම්මිශ්‍රණයක් නියෝජනය කරයි. අනුරාධපුර-මිහින්තලේ මාර්ගයට නව ජීවයක් ලබා දීමෙන්, ශ්‍රී ලංකාව, එහි දුම්රිය උරුමය ආරක්ෂා කරනවා පමණක් නොව, මතකයෙන් ගිලිහී ගිය යටිතල පහසුකම් සංස්කෘතික වත්කම් බවට පරිවර්තනය කළ හැකි ආකාරය පිළිබඳ නැවුම් ඉදිරි දර්ශනයක් ද ඉදිරිපත් කරයි. සංචාරක කර්මාන්තය තුළ නව පිබිදීමක්, නැවුම් බලාපොරොත්තු ද මේ ට්‍රොලි සේවය සමග වචනාර්ථයෙන් පමණක් නොව සංකේතාත්මකව ද, ප්‍රායෝගිකව ද ඇති වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

සාම්ප්‍රදායිකව බස් රථ හෝ වෙනත් ප්‍රවාහන මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන ගමනකට වඩා, සෙමින්, අවට පරිසරය විඳ ගනිමින් ලබන මේ අත්දැකීම පිළිබඳ ලොව පුරා සංචාරකයින් සමාජ මාධ්‍ය ඔස්සේ කතා කරන්නට පටන් ගැනීමත් සමග, එය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳ අපූරු පණිවිඩයක් ලෝකයට ලබා දෙන්නට ද හැකි වනු ඇත. එය ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයේ සන්ධිස්ථානයක් බවට ද පත් වනු නොඅනුමානය.

පටෙල් ට්‍රොලි සේවය තුළ ප්‍රවාහන අත්හදා බැලීමකට වඩා වැඩි යමක් පවතින බව සඳහන් කළ යුතුය. එය නවෝත්පාදනය, උරුමය සහ ආර්ථික දූරදර්ශීභාවයේ සම්මිශ්‍රණයක් නියෝජනය කරයි. අනුරාධපුර-මිහින්තලේ මාර්ගයට නව ජීවයක් ලබා දීමෙන්, ශ්‍රී ලංකාව, එහි දුම්රිය උරුමය ආරක්ෂා කරනවා පමණක් නොව, මතකයෙන් ගිලිහී ගිය යටිතල පහසුකම් සංස්කෘතික වත්කම් බවට පරිවර්තනය කළ හැකි ආකාරය පිළිබඳ නැවුම් ඉදිරි දර්ශනයක් ද ඉදිරිපත් කරයි. සංචාරක කර්මාන්තය තුළ නව පිබිදීමක්, නැවුම් බලාපොරොත්තු ද මේ ට්‍රොලි සේවය සමග වචනාර්ථයෙන් පමණක් නොව සංකේතාත්මකව ද, ප්‍රායෝගිකව ද ඇති වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
නිරංජන් චාමින්ද කරුණාතිලක