එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ අඩු මිලට හිඟයකින් තොරව සැපයීම සඳහා අන්තර් අමාත්‍යංශ කමිටුවක් පත් කොට තිබේ.සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාවට වැඩිපුරම අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ පිළිබඳව වෙන් වශයෙන් සොයා බලා ඒවා අඩු මිලට හිඟයකින් තොරව සැපයීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත්කර ඇති එම කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ මුදල් ඇමතිවරයායි. භාණ්ඩ සුලබ කර මිල පාලනය කිරීම මගින් එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාවට මුහුණ දීමට සිදුවන පාරිභෝගික අපහසුතා දුරලීකට රජය අපේක්ෂා කරන බව තලවාකැලේ මැදකුඹුර වතුයායේ (20)පැවති උත්සවයකදී රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා පැවසීය.