පළාත් කිහිපයක උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නික්තු කර තිබේ.
උතුරු, උතුරු – මැද, වයඹ, බස්නාහිර, නැගෙනහිර සහ දකුණු පළාත්වලත් සහ මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවැතිය හැකි බවයි.
ඒ අනුව මේ සම්බන්ධව අවධානය යොමු කරමින් මිනිස් ශරීර සෞඛ්‍ය තත්ත්වයට විය හැකි බලපෑම අවම කර ගැනීමට කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.