ඉන්දීය දුම්රිය එන්ජින් නොමිලේ දෙන්නේ අමතර කොටස් අධික මිලකට විකුණා ගන්නලු

ඉන්දීය දුම්රිය ධාවනය විද්‍යුත්කරණයට ලක් කිරීම හේතුවෙන් ඉන්දියාව දැනට භාවිතා කරන ඩීසල් එන්ජින් විස්සක් ලංකාවට පරිත්‍යාග කිරීමට සූදානම් වීම කෙරෙහි දුම්රිය කාර්ය මණ්ඩල දැඩි විරෝධයක් එල්ල වී තිබේ.ඊට හේතුව මෑතක දී අධික මුදලක් ගෙවා ඉන්දියාවෙන් ආනයනය කොට M11 වශයෙන් ඛාණ්ඩ ගත කරන ලද දුම්රිය එන්ජින් දහයෙන් දෙකකට වඩාඑක් වර ධාවනය කළ නොහැකි මට්ටමක පැවතීම බව පැවසෙයි.ඉන්දියාව භාවිතයෙන් ඉවත් කරන දුම්රිය එන්ජින් ලංකාවට නොමිලේ දෙන්නේ අමතර කොටස් අධික මිලකට අලෙවි අරමුණු කරගෙන බව ද මෙය අලියා නොමිලයේ ලබා ගෙන අලියාගේ වටිනා කමකටත් වැඩි මුදලකට හෙණ්ඩුවක් ලබා ගැනීමට සමාන ක්‍රියාවක් බවත් ඔව්හු පෙන්වා දෙති.

කාලීන පුවත්