ඉරානය අමෙරිකාව හා සටන් විරාමයක් ගැන කතා කර නෑ

ඉරානය කිසිම අවස්ථාවක සටන් විරාමයක් හෝ සාකච්ඡා සඳහා ඉල්ලීම් කර නොමැති බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි.ඉරානය අමෙරිකාව සමඟ ගිවිසුමකට එළඹීමට කැමැත්තෙන් සිටින නමුත් එහි කොන්දේසි ප්‍රමාණවත් නොවන බැවින් තමන් ඊට එකඟ නොවූ බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයකින් අනතුරුව විදේශ අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.“අමෙරිකානුවන් සමඟ කතා කිරීමට කිසිදු පදනමක් අපට නම් පෙනෙන්නට නැහැ. මොකද ඔවුන් අපට පහර දීමට තීරණය කරන විටත් අප ඔවුන් සමඟ සාකච්ඡා කරමින් තමයි සිටියේ.”විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉරානය විදේශ අමාත්‍යවරයා පවසා ඇති බව ද සඳහන් වේ.එමෙන්ම මෙය ජනාධිපති ට්‍රම්ප් සහ අමෙරිකා එක්සත් ජනපදය විසින් මෙය හිතාමතා තෝරාගත් යුද්ධයක් බවත්, ඉදිරියටත් රටේත් ජනතාවගේත් ආරක්ෂාව වෙනුවෙන් උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

Uncategorized