කටුනායක ගුවන්තොටුපළෙන් ගුවන් මගීන්ට නිවේදනයක්!

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් පැය 04කට පමණ පෙර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙස ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පවසයි.

ඒ ගුවන් තොටුපොළ අවට ප්‍රදේශය මේ වනවිට ගංවතුර ආපදා තත්වයකට ලක්ව තිබීම හේතුවෙන්.මෙම තත්ත්වය හේතුවෙන් ගුවන් තොටුපොළ වෙත පිවිසෙන මාර්ග බොහොමයක් ජලයෙන් යටවෙමින් පවතී.

ඒ හේතුවෙන් ගුවන්තොටුපළට පිවිසීම සඳහා කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය හැකිතාක් භාවිතා කරන ලෙසත් නිවේදනයක් නිකුත් කරමින් ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කරයි.

මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ නයිකන්ද හා කෝවින්න ප්‍රදේශයේද ගංවතුර තත්ත්වයක් පවතී.ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා නොකර ප්‍රධන අධිවේගී මාර්ගය භාවිතා කරන ලෙස ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් දැනුම් දෙයි.

කාලීන පුවත්