කුඩා සිතුල් පව් දාගැබ බිඳ නිදන් වස්තු පැහැර ගනිති

කුඩා සිතුල් පව් දාගැබ බිඳ නිදන් වස්තු පැහැර ගනිති දකුණු පලාතේ පැරණිතම බෞද්ධ සිද්ධස්ථානයක් වන ඵෙතිහාසික කුඩා සිතුල්පව්ව පුදබිමේ පිහිටි පෞරාණික දාගැබ ඊයේ(31) රාත්‍රි නිධන් සොරොන් පිරිසක් විසින් බිඳ එහි තිබූ නිධන් වස්තු පැහැරගෙන ගොස් තිබේ.

ඒ සම්බන්ධ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් , ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග කියයි.

මාගම් පුරයේ රජ කළ කාවන්තිස්ස රජු දවස ඉදිකළ බව පැවසෙන සිතුල්පව්ව පුදබිමට අයත් එක් කඳුගැටයක පිහිටි කුඩා සිතුල්පව්ව රහතන් වහන්සේලා විශාල පිරිසක් සමවත් සුවයෙන් වැඩ සිටි පුද බිමක් බව ඓතිහාසික තොරතුරු අනුව පැවසෙයි.

එමෙන්ම මෙම ප්‍රදේශය අවට වන සංහාර සහ වන සතුන් දඩයම් කිරීම් කලෙක සිට සිදු වන බව ද ප්‍රදේශවාසීහු කියති.මෙම සිද්ධිය සම්බන්ධ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කාලීන පුවත්