කොංගෝවේ ඉබෝලා තත්ත්වය බරපතළ වෙයි

කොංගෝ ජනරජය තුළ මේ දක්වා වාර්තා වී තිබෙන ආසාදිතයන් සංඛ්‍යාව 3360ක් දක්වා ඉහළ ගොස් තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ මරණ 1487ක් සිදු වී තිබෙන බවයි.

මෙම තත්ත්වය 2018-2020 වසංගත තත්ත්වයට සමාන බව වෛද්‍ය විශේෂඥයන් ප්‍රකාශ කර තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම කාලයේදී උගන්ඩාවේ ඉබෝලා ආසාදිතයන් 3,400ක් හඳුනා ගෙන තිබෙන අතර මරණ 2,200ක් වාර්තා වූ බවයි.

2014-2016 වසරේදී බටහිර අප්‍රිකාවේ වාර්තා වූ ඉබෝලා වසංගත තත්ත්වය ඉතිහාසයේ දරුණුතම අවස්ථාව ලෙස සලකනු ලබයි.විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම කාලයේදී රෝගීන් 28,000ක් සහ මරණ 11,000කට වඩා සංඛ්‍යාවක් වාර්තා වූ බවයි.

කාලීන පුවත්