ශ්‍රී ලංකා වියට්නාම ද්විපාර්ශවික සබඳතා තවදුරටත් තහවුරු කරමින් වියට්නාමයේ වියට්ජෙට් ගුවන් සේවය ශ්‍රී ලංකාවට සෘජු ගුවන් සේවා ආරම්භ කරනලදි.වියට්නාමයේ හෝ චි මින් නගරයේ සිට වියට්ජෙට් පළමු යානය කටුනායක ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණෙන ලදි.
එයාර් බස් 320 මෙම යානය දිවයිනට පැමිණියේ මගීන් 169 දෙනෙකු ද සමගයි.අමාත්‍ය අනුර කරුණාතිලක , නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ජනිත රුවන් කොඩිතුවක්කු , මහාචාර්ය රුවන් රණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් විසින් මෙම යානය කටුනායක ගුවන් තොටුපළේ දී හරසරින් පිළිගන්නාලදි.
ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රිං ති ටම් මහත්මිය සහ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති පෝෂිත පෙරේරා මහතා ද ඊට එක්ව සිටියේය.