2026 කීර්තිමත් “SCO ගිම්හාන” සූපවේදීන්ගේ තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායම රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.
පසුගිය ජුනි 26–27 දිනවල චීනයේ Qingdaoහිදී පැවති මෙම තරගයට චීනය, රුසියාව, කසකස්තානය, උස්බෙකිස්තානය සහ අසර්බයිජානය යන රටවලින් දක්ෂ සූපවේදීන් එක්ව සිටියි.
චීනයේ බෙයිජිං නුවර පිහිටි එකම ශ්‍රී ලාංකික අවන්හල වන සින්නාරා අවන්හල නියෝජනය කරමින් එහි ප්‍රධාන සූපවේදී නිෂාඩ් සමරනායක සහ සහායක මනෝජ් ලියනගේ මහතා මෙම තරගයට එක් විය. එහිදී ඔවුන් කිරිබත් සහ පොල් රොටි ඇතුළු ලාංකික ආහාර ඉදිරිපත් කරමින් ඉහළ පෙළේ චීන සූපවේදීන්ගේ සහ ජාත්‍යන්තර ආහාර විශේෂඥයින්ගේ ඇගයීමට ලක් විය.
වසර 15 කට පසු චීනයේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මට්ටමේ සූපවේදී තරගයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙයයි. ශ්‍රී ලාංකික ආහාර ප්‍රවර්ධනය කිරීම, ලාංකික පොහොසත් සූපශාස්ත්‍ර උරුමය ප්‍රදර්ශනය කිරීම සහ ජාත්‍යන්තර ජයග්‍රහණයට මාවත සකස් කිරීමට අවස්ථාව මෙමගින් උදා වූ බවයි ජයග්‍රාහී කණ්ඩායම අදහස් දක්වමින් කියා සිටියි.