ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ.
ඒ ‘පොදු යහපත සඳහා වහ වහා පෙළ ගැසෙමු’ යන තේමාවෙන්.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් ආර්.එම්.ජී සේනාරත්න සඳහන් කළේ, රාජ්‍ය වෙසක් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගිත්යෙන් අද(27) පස්වරුවේ මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරයේදී පැවැත්වෙන බවයි.
වෙසක් සමයේ පිළිවෙතින් පෙල ගැසී ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දී කටයුතු කරන්නැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.