වත්මන් බුද්ධ ශාසනික ව්‍යුහයේ පුරෝගාමියාණන් සේ අවිවාදයෙන් පිළිගැනෙන කන්ද උඩරට රාජධානී සමයේ වැඩ සිටි අසරණ සරණ පිණ්ඩපාතික වැලිවිට ශ්‍රී සරණංකර සංඝ රාජ හිමිපාණන් අනාගත පරපුරට දායාද කළ අසරණ සරණ සංකල්පය මත පදනම් වූ සුනඛ දාන වැඩ සටහන් යළි ප්‍රවර්ධනය කිරීමට උන් වහන්සේ ගේ නිජ බිම වූ තුම්පනේ කේන්ද්‍ර කර ගත් ගලගෙදර සහ හතරලියැද්ද ප්‍රදේශ වල සමිති සමාගම් කටයුතු යොදා තිබේ.ඒ අනුව ඉදිරි පොසොන් සතිය තුළ එම ප්‍රදේශ ආශ්‍රිතව මහ මඟට වැටී හිඳින අසරණ සුනඛයන් හට ආහාර ලබා දීමේ වැඩ සටහන් දාමයක් ක්‍රියාත්මක වන අතර එහි සමාරම්භය මෙවර වෙසක් පුන් පෝදිනට පෙර දා ( 29)ප.ව 6.00ට තුම්පනේ ගලගෙදර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇටි වැලිවිට ශ්‍රී සරණංකර සංඝ රාජ ප්‍රතිමාව අබියස දී පැවැත්වේ.එහි දී මඩවල පුරාණ විහාරාධිපති පූජ්‍ය අන්දරවැව පියරතන හිමියන් ගේ විශේෂ ධර්ම දේශනයක් සමඟ පොසොන් සතිය තුළ එම ප්‍රදේශ ආශ්‍රිතව සිදු කෙරෙන සුනඛ දානමය වැඩ සටහන පිළිබඳ ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමක් ද සිදු කෙරෙනු ඇත.ගලගෙදර බෞද්ධ බලමණ්ඩලය ගලගෙදර සංස්කෘතික බල මණ්ඩලය හා ගලගෙදර සිංහල වෙළඳ සංගමය මෙම වැඩ සටහන් මාලාව සංවිධානය කරන අතර වැලිවිට ශ්‍රී සරණංකර සංඝ රාජ හිමිපාණන් ගත් මඟ අනුව යමින් අප රටේ ජනතාව තුළ සත්ව කරුණාව අහිංසාව පදනම් කර ගත් මානුෂීය හැඟීම් ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහන් මාලාවේ අරමුණ බව .ගලගෙදර බෞද්ධ බලමණ්ඩලයේ ලේකම් සරත් විජේරත්න මහතා කීය.ඒ අතර ඉහත අරමුණ සාක්ෂාත් කර ගැනීම පිණිස හතරලියැද්ද ප්‍රදේශයේ ද තවත් මෙවැනි සුනඛ දාන වැඩ සටහන් ගණනාවක් සංවිධානය කෙරෙනු ඇත.