කොදෙව් සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරගවලින් සමන්විත පූර්ණ තරග සංචාරයක් සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිත ඊයේ (25) ප්‍රකාශයට පත්කරනලදි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරුම් කමිටුව විසින් නම්කළ මෙම සංචිතයන්හි එක්දින හා විස්සයි20 නායකත්වයට කුසලක් මෙන්ඩිස් නම් කර ඇත.එමෙන්ම නායක ධනංජය ද සිල්වා සුපුරුදු පරිදි මෙම තරගාවලියේද ටෙස්ට් නායකයා ලෙස කටයුතු කරනු ලබයි.

මෙම තරගවලියේ පළමුව එක්දින තරගාවලියත්, අනතුරුව විස්සයි-20 තරගාවලියත්, අවසාන වශයෙන් ටෙස්ට් තරගාවලියත් පැවැත්වීමට නියමිතයි.ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම තරග සංචාරය සඳහා අද(26) බටහිර ඉන්දීය කොදෙව් බලා දිවයිනෙන් පිටත්ව යනු ඇත.

ප්‍රකාශයට පත් කරන ලද නිල සංචිත පහත පරිදි වේ,

ටෙස්ට් සංචිතය

ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වා විසින් දරනු ලබන අතර, උපනායකයා ලෙස කමිඳු මෙන්ඩිස් කටයුතු කරයි.

පැතුම් නිස්සංක, ළහිරු උදාර, නිෂාන් මධුෂ්ක, දිනේෂ් චන්දිමාල්, පසිඳු සූරියබණ්ඩාර, කමිඳු මෙන්ඩිස් – (උපනායක), සොනාල් දිනූෂ, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා – (නායක), මිලාන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, ඉසිත විජේසුන්දර, කසුන් රාජිත

කාලීන පුවත්