ඩෙංගු මරුදුවන් බෝ වීමට ඉඩ සැලැස්වූ පුද්ගලයින් 76කට පොලීසියෙන් නඩු

රටපුරා මේ වන විට ආරම්භ කර ඇති ඩෙංගු මර්දන වැඩසටහන අනුව මෙම සතිය තුළදී ඩෙංගු මදුරුවන් බෝවීමට ඉඩ සැලැස්වූ පුද්ගලයින් 76 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පොලීසිය කටයුතු කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ (262 වන වගන්තිය) හා අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව මෙන්ම පොලිස් ආඥා පනත යටතේද ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගනු ලැබූ බවයි.

රටතුළ මේ දිනවල ඩෙංගු රෝගීන්ගේ සීග්‍ර වර්ධනයක් නිරීක්ෂණය වීම හේතුවෙන් මතුවී ඇති සෞඛ්‍ය ගැටලු වළක්වා ගැනීම සඳහා පොලීසිය මැදිහත් වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ අවධානය යොමුව තිබේ.

කාලීන පුවත්