වසරේ මේ දක්වා කාල සීමාව තුළ දිවයින පුරා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 93,381 දක්වා ඉහළ ගොස් තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.එම ඒකකය සඳහන් කළේ ඩෙංගු රෝගය වැළඳීමෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 71ක් වන බවයි.
එමෙන්ම අගෝස්තු මාසයේ ගතවූ දින 20ක කාලය තුළ පමණක් දිවයින පුරා ඩෙංගු රෝගීන් 8,043දෙනෙක් වාර්තා වී තිබේ.ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ජූලි මාසයේදී රෝගීන් 29,964 සහ ජුනි මාසයේදී රෝගීන් 21,533ක් වාර්තා වී ඇති බවයි.
නමුත් අගෝස්තු මාසයේදී ඩෙංගු රෝගීන් වාර්තාවීම යම් ප්‍රමාණයක අඩුවීමක් දක්නට ලැබෙන බවද එම ඒකකය සඳහන් කරයි.එමෙන්ම බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් 49,440දෙනෙක් හඳුනාගෙන තිබෙන බවයි වාර්තාවෙයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ දකුණු පළාතෙන් රෝගීන් 13,697ක්, මධ්‍යම පළාතෙන් රෝගීන් 8,441ක් වාර්තා වී තිබෙන බවයි.