තැන තැන මඳ වැසි

මේ දිනවල දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වරින් වර වැසි ඇද හැළුණ ද එය රටේ වර්ෂාපතන අගය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට සමත්ව නැතැයි පැවසෙයි.මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනවිට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

කාලීන පුවත්