දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන වලට ආරක්‍ෂිත වැඩපිළිවෙලක්

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන වලට ආරක්‍ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී, පසුගිය දා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය තුළ කාන්තාවකට වෙඩි තැබීම පිළිබඳව මාධ්‍යවේදියෙකු විසින් ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු වශයෙනි.

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය තුළ සිදු වූ සිද්ධිය සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් සිදු ක‍රන ලෙසට තමා පොලිස්පතිවරයාට දන්වා ඇති අත‍ර මෙවැනි දේ නැවත සිදු නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග රජය විසින් ගැනීමට කටයුතු කරන බවට ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

කාලීන පුවත්