දීප ව්‍යාප්ත අඛණ්ඩව වැඩවර්ජනයක්? මෙම මස 20 වැනි දින ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කරමින් දෙවනුව දීප ව්‍යාප්ත අඛණ්ඩව වැඩවර්ජනයක් දක්වා වැඩකරන ජනතා විරෝධය ඒකරාශී කිරීමට වෘත්තීය සමිති තීරණය කර ඇති බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව වෙනුවෙන් සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරයි., වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සමග ශ්‍රී ලංකාවේ සියළු වෘත්තීය සමිති ඒකාබද්ධවී කටයුතු කරන බවත් රජය ස්වාධීන ජන මතයක් වෙනුවෙන් අරගල කරන මහජනතාවට පිටුපාමින් කටයුතු කිරීම පිළිබඳව රටේ වැඩකරන ජනතාවගේ දැඩි පිළිකුල ප්‍රකාශ කරන බවත් කී රවි කුමුදේශ් ජන අරගලය ජයග්‍රහණය කරවීම උදෙසා කොන්දේසි විරහිත දායක්ත්වයක් ලබා දීමට වෘත්තීය සමිති හා බහුජන ව්‍යාපාර එකමුතුව තීරණය කර ඇති බව ද සඳහන් කළේය.වෘත්තීය සමිති හා බහුජන ව්‍යාපාර එකමුතුව ඊයේ(16) කොළඹ රීගල් සිනමා වට රවුමේ සිට ජන අරගල භූමිය දක්වා දැවැන්ත පාගමනකින් ගොස් අරගලයට වැඩකරන ජන බලයේ සහාය පළකළේය.