පසුගිය මාර්තු අප්‍රේල් වල හැටියට දැන් බඩු මිල අඩුයි

පසුගිය මාර්තු අප්‍රේල් මාස වල විවෘත වෙළෙඳ පොළේ මිල සංසන්දනය කරන විට අද වන විට වෙළඳපොළ තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම පාලනය කිරීමට සිය අමාත්‍යාංශයට හැකියාව ලැබී තිබෙන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.ඒ මහතා මේ බව සඳහන් කළේ වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදී ය. . ඒ අනුව විවෘත වෙළඳපොලේ ජූලි මාසයේ පරිප්පු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 595 ක් වූ අතර දෙසැම්බර් මාසයේදී පරිප්පු කිලෝ ග්‍රෑම් එකක් ලංකා සතොස ආයතනයේ රුපියල් 389 ක් දක්වා අඩු වී තිබෙන බවත් විවෘත වෙළෙඳ පොළේ රුපියල් 410ක්වූ පාන් පිටි කිලෝ ග්‍රෑම් 1 දෙසැම්බර් මාසයේදී ලංකා සතොස ආයතනයෙන් මිල රුපියල් 265 දක්වා අඩු කිරීමටත් හැකිවූ බවද අමාත්‍යවරයා කීය. එමෙන්ම, රුපියල් 280 ට පැවති සුදු සීනි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 229 දක්වා අඩු කිරිමටත්, රුපියල් 225කට මුලවූ සම්බා සහල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 198 දක්වා අඩු කිරීමටද සතොස ආයතනයට හැකිවූ බව ඔහු පැවසීය.

කාලීන පුවත්