ප්‍රදේශ කිහිපයකට පැය 05ක ජල කප්පාදුවක්

අද (29) දිනයේ දෙහිවල ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට පැය 05ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අඹතලේ ජල පවිත්‍රාගාරයට සැපයෙන විදුලි සැපයුම අත්හිටුවීම මීට හේතුවයි.

ඒ අනුව අද පෙ.ව.9.00 සිට ප.ව. 2.00 දක්වා කළුබෝවිල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව රාවතාවත්ත, සොයිසාපුර ආදී ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

කාලීන පුවත්