මහින්ද අද අල්ලස් කොමිසම හමුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත. ඒ හිටපු ජනාධිපතිවරයා වෙත එල්ල වී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා කැඳවීමක් කර ඇති බැවිනි.මේ පිළිබඳව කරුණු දක්වමින් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා සඳහන් කළේ, අද උදෑසන 9.00 ට පමණ ඒ මහතා කොමිෂන් සභාව වෙත පැමිණෙනු ඇති බවයි.හිටපු ජනාධිපතිවරයාඅල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීම සම්බන්ධයෙන් ඊයේ (11) රාත්‍රියේ විශේෂ නීතිඥ මණ්ඩලයක් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා ඇත. එම සාකච්ඡාවෙන් අනතුරුව, අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටීමට අදාළ අවසන් තීරණය ගත් බව ද නීතිඥ මනෝජ් ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

කාලීන පුවත්