යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා සහනදායී පොලී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක්

2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායී පොලී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනාක්‍රමයක් ඊයේ (1) සිට ආරම්භ කර ඇත.

වී ගොවීන්ට තම අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2026 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායී පොලී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනාක්‍රමයක් ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර තිබේ.

ඒ අනුව, උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාවය මෙ.ටො.25කට යටත්වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති මෙම ණය යෝජනාක්‍රමයේ ඉලක්කගත කණ්ඩායම් වන අතර අදාළ රාජ්‍ය ආයතනයකින් ලබාගත් වලංගු ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් හා වී අලෙවි මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් සියලු ණය ඉල්ලුම්කරුවන් සතුව පැවතිය යුතුයි.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ, ඔවුන්ට 8%ක වාර්ෂික පොළී අනුපාතයකට රු.මි.75ක් දක්වා ණය මුදලක් ලබාගත හැකි අතර අදාළ ණය මුදල දින 180ක් තුළ ගෙවා අවසන් කල යුතුයි. මෙම ණය යෝජනා ක්‍රමයේ සහභාගීත්ව මූල්‍ය ආයතන ලෙස පහත සඳහන් බැංකු තෝරාගෙන තිබේ.

1.ලංකා බැංකුව

2.මහජන බැංකුව

3. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව

4. හැටන් නැෂනල් බැංකුව

5. සෙලාන් බැංකුව

6. සම්පත් බැංකුව

7. කොමර්ෂල් බැංකුව

8. ඩී. එෆ්. සී. සී බැංකුව

9. ජාතික සංවර්ධන බැංකුව

10. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව

11. සණස සංවර්ධන බැංකුව.

12. අමානා බැංකුව

13. කාගීල්ස් බැංකුව

14. යුනියන් බැංකුව

15. පෑන් එෂියා බැංකුව

16. රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව

ගොවීන්ගේ වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් තහවුරු කිරීම සඳහා කෘෂිකර්‌ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන සහතික මිල යටතේ වී මිලදී ගැනීමට සැලසුම් කර තිබේ.

කාලීන පුවත්