යාල ජාතික වනෝද්‍යානයේ කලාප දෙකක් වැසේ

යාල ජාතික වනෝද්‍යානයේ 01 සහ 02 කලාප ඊයේ (14) සිට තාවකාලිකව සංචාරකයන් සඳහා වසා තැබීමට වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ දිවයිනේ ඇතැම් දිස්ත්‍රික්කවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන්.වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ(14) සිට ඔක්තෝබර් මස 15වනදා දක්වා මාසයක කාලයක් සඳහා මෙය ක්‍රියාත්මක වන බවයි.

මෙහි සංචාරක ආකර්ෂණය වැඩිම කාලය අගෝස්තු සිට මාර්තු දක්වා වන අතර මෙවර සංචාරක සමයට එල්නිනෝ තත්ත්වය දැඩි ලෙස බලපා තිබේ.

කාලීන පුවත්