අප්රිකානු සූකර උණ රෝගය දිවයිනේ ප්රදේශ කිහිපයක ගොවිපොළවලින් යළි වාර්තා වන බව සෞඛ්ය අංශ පවසයි.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුවේ ප්රධාන වසංගත රෝග විශේෂඥ වෛද්ය ප්රදීප් කුමාරවඩු සඳහන් කළේ කොළඹ, ගම්පහ, කළුතර, අනුරාධපුර, මහනුවර සහ පුත්තලම යන දිස්ත්රික්කවල ගොවිපොළ 48ක සිදුකළ පරීක්ෂාවකින් එම උණ වෛරසය වැළදුණු සූකරයන් වාර්තා වූ බවයි.