රතු ලේබල් කන්ටේනර් නිදහස් කිරීම ගැන පැමිණිලි

අනිවාර්යෙන් රේගු නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් විය යුතු රතු ලේබල් යටතේ තිබූ කන්ටේනර් 323ක් රේගු නිලධාරීන්ගේ පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමට එරෙහිව විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ අජිත් පී පෙරේරා යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් පැමිණිලි කිරීමට නියමිතව තිබේ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, සහ අධිකරණයට වෙන වෙනම පැමිණිලි කිරීමට තීරණය කර ඇත.මීට අදාළ කරුණු ගොනු කිරීම නීතිඥ කණ්ඩායම් දෙකක් මාර්ගයෙන් සිදුකළ බව සමගි ජන බලවේග ආරංචි මාර්ග සඳහන් කරයි.මෙතෙක් රැස් කළ තොරතුරුවලට අනුව රතු ලේබල් යටතේ පැවැති කන්ටේනර් කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස්කර ඇති බවත්, එලෙස නිදහස් කිරීමට කිසිසේත් නොහැකි කාර්යයක් බැවින් ඒ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ යුතු බව විපක්ෂයේ ස්ථාවරය වී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්