නැවත පාර්ලිමේන්තුවට පැමිණීමේ අදහසක් තිබේදැයි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගෙන් කළ විමසීමක දී ඔහු පවසා සිටියේ, “ෆෙරාරි ලයිසන් තියෙන කෙනෙක් එල් බෝර්ඩ් කාරයන් සමග කාලය ගත කරන්නේ නෑ” යනුවෙනි. හිටපු ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ තරුණ නීතිවේදීන් සමග පැවති හමුවකට සහභාගීවීමෙන් පසුවය. ඔහු මෙයට පෙර විටින්විට පවසන ලද වැල් පාලමේ කතාව, ශ්‍රී ලංකාව තුළ රොකට් එකකටත් වඩා වේගයෙන් හඳට බොරු ගමන් කරන බව, රට වැටුනත් තමා හොඳින් නඩත්තු කරන තමාගේ කොණ්ඩය නොවැටෙන බව වැනි අමුතු ආකාරයේ කතා ඉතා වේගයෙන් සමාජයේ පැතිර ගියේය. මෙය ද ඒ ආකාරයෙන්ම මේ වන විට සමාජයේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වෙමින් පවතී.

අධි ක්‍රියාකාරීත්වයෙන් යුක්තව, විශේෂයෙන් ක්‍රීඩා කටයුතු උදෙසාම නිපදවන ලද වාහන වර්ගයක් වන ෆෙරාරි මෝටර් රථ, ලෝකය තුළ නිෂ්පාදනය ආරම්භ කළේ 1939 වසරේ දී ඉතාලි ජාතිකයකු වූ එන්සෝ ෆෙරාරි විසින් ඉතාලියේ මැරනෙල්ලෝ හිදීය. කාර්යක්ෂමතාව, වේගය, සුඛෝපභෝගී බව සහ කීර්තිය අතින් ෆෙරාරි මෝටර් රථ ලෝකයේ අද්විතීය ස්ථානයක පවතී.
සැබවින්ම ෆෙරාරි ලයිසන් එකක් යනු කුමක්ද? එවැන්නක් සැබවින්ම පවතීද වැනි ගැටලු මේ කතාවත් සමග නිතැතින්ම සිතට නැගේ. අන්තර්ජාලය පුරා බොහෝ දුරක් සැරිසැරුවද ෆෙරාරි ලයිසන් එකක් පිළිබඳ සොයා ගන්නට හැකි වූයේ නැත. කරුණු විමසා බලද්දී හමු වූයේ ෆෙරාරි වාහනයක් පැදවීමට සාමාන්‍ය වාහන බලපත්‍රයක් ප්‍රමාණවත් වන අතර ඒ වෙනුවෙන් විශේෂ බලපත්‍රයක් අවශ්‍ය වන්නේ නැති බවය.


අධි ක්‍රියාකාරීත්වයෙන් යුක්තව, විශේෂයෙන් ක්‍රීඩා කටයුතු උදෙසාම නිපදවන ලද වාහන වර්ගයක් වන ෆෙරාරි මෝටර් රථ, ලෝකය තුළ නිෂ්පාදනය ආරම්භ කළේ 1939 වසරේ දී ඉතාලි ජාතිකයකු වූ එන්සෝ ෆෙරාරි විසින් ඉතාලියේ මැරනෙල්ලෝ හිදීය. කාර්යක්ෂමතාව, වේගය, සුඛෝපභෝගී බව සහ කීර්තිය අතින් ෆෙරාරි මෝටර් රථ ලෝකයේ අද්විතීය ස්ථානයක පවතී. ෆෝර්මියුලා 1 මෝටර් රථ ධාවන තරග සමග ෆෙරාරි මෝටර් රථවලට ඇත්තේ බිඳිය නොහැකි බැඳීමකි. V8, V12 සහ හයිබ්‍රිඩ් එංජින්වලින් සමන්විත ෆෙරාරි මෝටර් රථවල ඇතැම් මාදිලි අශ්ව බල 1000 ද ඉක්මවා යන අවස්ථා තිබේ. තත්පර 3 ක කාලයක් තුළ පැයට කිලෝමීටර් 100 ක වේගයක් අත්පත් කර ගත හැකිය. මේ සියල්ල පිළිබඳ සලකා බැලීමේ කිව හැක්කේ ෆෙරාරි යනු හුදෙක්ම සාමාන්‍ය මෝටර් රථයක් නොවන බවය. එය අසාමාන්‍ය මෝටර් රථයක් වුව ද ෆෙරාරි සමාගම මගින්ම නිර්දේශ කරන්නේ එය පැදවීම පිණිස විශේෂ බලපත්‍රයක් අවශ්‍ය නොවන බවය. කෙසේ නමුත් ෆෙරාරි සමාගම මගින් නිෂ්පාදනය කරනු ලබන අධි ක්‍රියාකාරී FXX-K Evo සහ Ferrari 599XX වැනි මෝටර් රථ සාමාන්‍ය මාර්ගවල ධාවනය කිරීම නිතීවිරෝධී වන අතර ඒවායේ ඇති මේ සුවිශේෂතාව නිසාම එවැනි මෝටර් රථයක හිමිකරුවෙකු අනිවාර්යයෙන්ම ෆෙරාරි මෝටර් රථ සමාගම මගින් ලබා දෙන්නා වූ විශේෂ පුහුණු වැඩසටහනකට සහභාගී විය යුතුය. මේ සඳහා Corso Pilota සහ Ferrari Racing Academy යන යන විශේෂ පුහුණු ආයතන දෙක පවතී. එමෙන්ම ෆෝර්මියුලා 1 මෝටර් රථ ධාවන තරග සඳහා ෆෙරාරි මෝටර් රථයක් සමගින් සහභාගී වන්නේ නම් ඒ සඳහා FIA Super License යන විශේෂ බලපත්‍රය අවශ්‍ය වේ.

මේ අවස්ථාවේ දී හිටපු ජනපතිවරයාගේ කතාව නැවත මතු කර ගත හැකිය. ඇතැම් විට ඔහු පවසන්නට ඇත්තේ එම විශේෂ බලපත්‍රයදැයි පැහැදිලි නැත. එමෙන්ම ෆෙරාරි සමාගමේ අවසර ඇතිව වෙනත් පාර්ශ්වයකට එම නමින්ම මෝටර් රථ නිපදවන්නට අවසර දීමේ දී බලපත්‍රයක් නිකුත් කරන අතර එයට ද ‘ෆෙරාරි බලපත්‍රය’ යැයි පවසනු ලබයි. හිටපු ජනපතිවරයා ශ්‍රී ලංකාවේ ෆෙරාරි මෝටර් රථ කම්හලක් ආරම්භ කිරීමේ අදහසින් එවැනි බලපත්‍රයක් ගෙන තිබුණේ නම්, තමාට ‘ෆෙරාරි ලයිසන්’ එකක් තිබෙන බව පවසනවා වන්නට ද පුළුවන. එවැනි අදහසක් සිහිපත් වන්නේ ඔහු ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා ද උත්සාහ ගත් බැවිනි.

හිටපු ජනපතිවරයා මේ ප්‍රකාශයෙන් පවසන්නට උත්සාහ දරනවා ඇත්තේ මේ කිසිවක් නොව තමාගේ දේශපාලන පළපුරුද්ද පිළිබඳ යැයි පැවසිය හැකිය. දේශපාලන පොරපිටියේ නේකාකාර වූ ‘සෙල්ලම් දමා’ සිටින ඔහු දැන් පාර්ලිමේන්තුවේ සිටින්නන්ගෙන් බහුතරයක් පළපුරුද්දෙන් අඩු වූවන් නිසා තමාට එවැන්නන් සමග කාලය ගත කිරීමෙන් පලක් නැති බව උපමාවකින් පවසන්නට උත්සාහ දැරීමක් ලෙස මෙය සැලකිය හැකිය.
කෙසේ නමුත් හිටපු ජනපතිවරයා මේ ප්‍රකාශයෙන් පවසන්නට උත්සාහ දරනවා ඇත්තේ මේ කිසිවක් නොව තමාගේ දේශපාලන පළපුරුද්ද පිළිබඳ යැයි පැවසිය හැකිය. දේශපාලන පොරපිටියේ නේකාකාර වූ ‘සෙල්ලම් දමා’ සිටින ඔහු දැන් පාර්ලිමේන්තුවේ සිටින්නන්ගෙන් බහුතරයක් පළපුරුද්දෙන් අඩු වූවන් නිසා තමාට එවැන්නන් සමග කාලය ගත කිරීමෙන් පලක් නැති බව උපමාවකින් පවසන්නට උත්සාහ දැරීමක් ලෙස මෙය සැලකිය හැකිය. මෙයට පෙර ද මෙවැනිම ලයිසන් කතාවක් ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ දමිතා අබේරත්න පවසා තිබිණි. ඇය පැවසූවේ මෝටර් සයිකල් ලයිසන් තියෙන අයට ගුවන් යානයක් පැදවිය නොහැකි බවය. ඒ ප්‍රකාශනය තුළ ඇත්තේ ද පළපුරුද්ද පිළිබඳ අදහසකි. කෙසේ නමුත් හිටපු ජනපතිවරයා ෆෙරාරි සන්නාමය ගුවන් යානයකටත් වඩා ඉහළට ඔසවා තමාගේ තරාතිරම ද අඟවමින් සිය අදහස උපමාවකින් ඉදිරිපත් කරන්නට උත්සාහ ගෙන තිබෙන බව මේ කතාවෙන් පැහැදිලිය.




නිරංජන් චාමින්ද කරුණාතිලක