“රැස්වීම් වලදී කට පරිස්සම් කර ගන්න”තිස්ස කුට්ටිආරච්චිට රතු එළියක්

ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත සහ මතභේදයට තුඩු දෙන ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා දැඩි ලෙස අවවාද කර ඇත.මෙම පියවර ගෙන ඇත්තේ කුට්ටියාරච්චි මහතා විසින් මෑතකදී සිදු කරන ලද පදනම් විරහිත ප්‍රකාශ කිහිපයක් හේතුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ දැඩි ආන්දෝලනයක් හටගෙන තිබීම නිසා ය.නාමල් රාජපක්ෂ මහතා මෙරට ජනාධිපතිවරයා බවට පත් වූ පසු තමන් නිල නොවන ජනාධිපති යයි තිස්ස කුට්ටිආරච්චි මහතා මෑතකදී අනුරාධපුර කලාවැව ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පවසා ඇති අතර හුදෙක් ඔහු ගේ සිතුවිල්ලක් මත පදනම් වූ එම ප්‍රකාශය සමාජ ජාලවල දැඩි උපහාසයට ලක් ව තිබේ.

කාලීන පුවත්