“වන අඩවි ආරක්ෂක චතුර ගුණරත්න සේවයෙන් පහ කිරීමට කුමන්ත්‍රණයක්” විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

පරිසර හා වනජීවී සංරක්ෂණය වෙනුවෙන් කැපවී සේවය කරන වන  වනජීවී අඩවි ආරක්ෂක නිලධාරී නීතිඥ චතුර ගුණරත්න මහතා සේවයෙන් පහ කිරීමේ අරමුණින් කුමන්ත්‍රණ රැසක් ක්‍රියාත්මක වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.හේරත්ගම වන අඩවියේ සේවය කළ නීතිඥ චතුර ගුණරත්න මහතා කහල්ල–පල්ලෙකැලේ වනාන්තරය ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කිරීමත්, හක්වටුනාව ජලාශයේ රක්ෂිතය සංරක්ෂණය කිරීමට මැදිහත් වීමත් හේතුවෙන් මෙවැනි තත්ත්වයකට මුහුණ දී ඇති බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.කහල්ල–පල්ලෙකැලේ වනාන්තරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කිරීම ඇතුළු පරිසර සංරක්ෂණ කටයුතුවල නිරත වීමෙන් පසුව නීතිඥ චතුර ගුණරත්න මහතා හේරත්ගම වන අඩවියේ සිට කුරුණෑගලට මාරු කර යවා ඇති බව ද ඔහු පැවසීය. එමෙන්ම, චෝදනා පත්‍ර වෙනස් කරමින් ඔහු සේවයෙන් පහ කිරීමට උත්සාහ කරන බවට ද විපක්ෂ නායකවරයා චෝදනා කළේය. මේ අතර ඔහු ගේ සහෝදර නිලධාරීන් පවසනුයේ ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීවාදයෙන් සහ දේශපාලන අධිකාරියේ පළිගැනීම් වලින් ඔහුට කිසිම ගැලවීමක් නොමැති බවකි.

කාලීන පුවත්