2026 වසරට අදාළ යෝජිත විශේෂ විදුලි ගාස්තු සංශෝධනය අද (09) ප්රකාශයට පත් කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා සිය සංශෝධිත විදුලි පිරිවැය ඇස්තමේන්තුව නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත පසුගියදා ඉදිරිපත් කර තිබුණි.
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විදුලිය උත්පාදනය සඳහා වැයවන පිරිවැය ඉහළ යාම මෙම විදුලි ගාස්තු ඉහළ නැංවීමේ ඉල්ලීමට හේතුව වී ඇති බව සඳහන් ය.