විප­ක්ෂ­යට බහු­තරය හිමි පළාත් පාලන ආය­ත­න­වල බලය ගන්න විපක්ෂය එක් වෙති

විප­ක්ෂ­යට බහු­තර සභික සංඛ්‍යා­වක් හිමි වූ පළාත් පාලන ආය­ත­න­වල බලය පිහි­ටු­වීම සඳහා ඒකා­බද්ධ විප­ක්ෂ­යක් ලෙස කට­යුතු කරන බව විප­ක්ෂයේ ප්‍රධාන පක්ෂ­වල මහ­ලේ­ක­ම්වරු පව­සති.පළාත් පාලන ආය­ත­න­වල බලය පිහි­ටු­වීම සම්බ­න්ධ­යෙන් විප­ක්ෂයේ පක්ෂ­වල මහ­ලේ­ක­ම්ව­රුන් විසින් ඊයේ (12) කොළඹ 8,කොටා රෝඩ් හි ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍ර­යේදී මාධ්‍ය සාක­ච්ඡා­වක් පැවැත්විය. සමගි ජන­බ­ල­වේ­ගයේ ජාතික සංවි­ධා­යක තිස්ස අත්ත­නා­යක, ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණු මහ­ලේ­කම් නීතිඥ සාගර කාරි­ය­ව­සම්, පොදු ජන එක්සත් පෙර­මුණේ මහ­ලේ­කම් ලසන්ත අල­ගි­ය­වන්න, එක්සත් ජාතික පක්ෂ මහ­ලේ­කම් තලතා අතු­කෝ­රළ මහත්ම මහ­ත්මීහු ඇතුළු පිරි­සක් සහ­භාගි වූහ.

කාලීන පුවත්