ඊයේ( 22)පැවැති පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් සිදු වූ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ සිදුකරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.මීට අමතරව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුද පරීක්ෂණ අරඹා ඇත. ගල්ගමුව යු. බී. වන්නිනායක ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක. බදුල්ල විජය යන විදුහල්වල හා සම්බන්ධයෙන් සහ ගාල්ල නාගොඩ රාජකීය. ජාතික පාසලේ පැවැත් විභාග මධ්‍යස්ථාන මුල් කොට මෙලෙස චෝදනා එල්ල කෙරුණු ඒ සම්බන්ධයෙන් එම විභාග මධ්‍යස්ථාන මුල් කොට දෙමාපියන් විසින් විරෝධතා ද පවත්වන ලදී.පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් සිදු වූ වංචා සහ අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි වැඩිම ප්‍රමාණයක් ගොනු ව ඇත්තේ ද මේ වසරේ ය.