හෙට සිට යළිත් දින 3ක ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් එම වැඩසටහන ක්‍රියාවට නංවන බවයි.
මේ වනවිට මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 54,000 ඉක්මවා ගොස් තිබේ.ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ, රෝගය වැළදීමෙන් 32 දෙනෙකු මියගොස් ඇති බවයි.දිස්ත්‍රික්ක 6ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 12ක ඩෙංගු රෝගය අධි අවදානම් ලෙස තවදුරටත් ව්‍යාප්ත වෙමින් ඇති බව වෛද්‍ය කපිල කන්නන්ගර ප්‍රකාශ කරනලදි.