අද මෙරටට එන විදෙස් ගමන් වලට බය දැඩි ආගමික මතධාරී ඉරාන ජනපති

vinivida

උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය විවෘත කිරීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි අද (24) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබිණි. උමා ඔය ව්‍යාපෘතිය නිම කිරීම සඳහා වූ වියදමෙන් සියයට 85 ක් පමණ සපයා ඇත්තේ ඉරාන රජය බව පැවසේ. මේ දිනවල ඊශ්‍රායලය සමග ඇති යුදමය ගැටුම නිසා ඉරාන ජනපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ ඊශ්‍රායලයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ දැඩි විරෝධය මධ්‍යයේය.

1960 දෙසැම්බ්ර් 14 වැනිදා උපන් ඉබ්‍රාහිම් රයිසිගේ සම්පූර්ණ නම වන්නේ ඉබ්‍රාහිම් රයිසොල්සදාතිය. ඉරාන දක්ෂිනාංශික දේශපාලඥයකු වන ඉබ්‍රාහිම් එරට අට වැනි ජනපතිවරයා වේ. 2021 අගෝස්තු 3 වැනිදා ඔහු ජනපතිධූරයට තේරී පත් විය. ඔහු පස් හැවිරිදි වියෙහි දී ඔහුගේ පියා වූ සෙයෙද් හාජි මිය ගියේය. මූලික අධ්‍යාපනයෙන් පසු ඔහු ආගමික අධ්‍යාපනයක් ලබා ගැනීම කෙරෙහි යොමු විය. ඔහු මොටාහාරි විශ්වවිද්‍යාලයෙන් ‘පුද්ගලික නීතිය’ පිළිබඳ උපාධියක් හිමි කර ගෙන ඇති මුත් මෙය ගැටලු සහගත කාරණයක් බවට තොරතුරු වාර්තා වේ. එමෙන්ම ඔහු බොහෝ කාලයක් තිස්සේ ආගමික අධ්‍යාපනයක් ලබා තිබෙන නමුත් ඔහුගේ ආගමික දැනුම සැක සහිත යැයි වොෂිංටන් හි පිහිටා ඇති ‘මිඩ්ල්ඊස්ට් ඉන්ස්ටිටියුට්’ හි ඇලෙක්ස් වටන්කා පවසයි. ඉරානයේ සිටි ආගමික නායකයකු වන අයතොල්ලා කොමේනිගේ දැඩි අනුගාමිකයකු වූ ඔහු තමා අයතොල්ලා කුමේනි යැයි හඳුන්වා දුන් අවස්ථාවන් ද දක්නට ලැබේ.

කලක් ආගමික අන්තවාදයක් නොමැතිව ලෝකයේ සෙසු රටවල් ජනතාව හා සමානවම ගැහැනු පිරිමි භේදයකින් තොරව නිදහස භුක්ති විඳිමින් සිටි ඉරානය එම තත්ත්වයෙන් වෙනස් වී දැඩි ආගමික රාජ්‍යයක් බවට පත් කිරීම පිණිස දියත් වුණු ‘ඉස්ලාමීය විප්ලවය’ වෙනුවෙන් ඉබ්‍රාහිම් දැඩිව සම්බන්ධ වී කටයුතු කළේය. ඉරානය ආගමික රාජ්‍යයක් බවට පත්වීමෙන් අනතුරුව මෙකී විප්ලවයට සහ ආගමික රාජ්‍යයක් බවට පත්වීමට එරෙහිව හඬ නැගූ සහ වෙනත් දේශපාලන මතයන් දැරූ පිරිස් එවකට හිටපු ජනපති අයතුල්ලා කුමේනි විසින් අල්ලා සිරගත කරන ලද අතර ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමේ කමිටුවේ ප්‍රධාන නිලයක් ඉබ්‍රාහිම් විසින් දරණු ලැබිණි.

ඔහු ජනපති බවට පත් වන කාලය වන විටත් ඇමරිකා එක්සත් ජනපදය ඉරානයට වෙළෙඳ සම්බාධක පනවා තිබුණු නිසාම ඔහු පවසන්නේ තමා කිසි දිනෙක ඇමරිකානු ජනපතිවරයකු සමග කිසිදු හේතුවක් නිසා මුණගැසීමක් සිදු නොවන බව තරයේ පවසා සිටියි. කෙසේ නමුත් රුසියාව සහ චීනය සම්බන්ධයෙන් ඔහු ඉතා මිත්‍රශීලී පිළිවෙතක් අනුගමනය කරයි.

කලක් ආගමික අන්තවාදයක් නොමැතිව ලෝකයේ සෙසු රටවල් ජනතාව හා සමානවම ගැහැනු පිරිමි භේදයකින් තොරව නිදහස භුක්ති විඳිමින් සිටි ඉරානය එම තත්ත්වයෙන් වෙනස් වී දැඩි ආගමික රාජ්‍යයක් බවට පත් කිරීම පිණිස දියත් වුණු ‘ඉස්ලාමීය විප්ලවය’ වෙනුවෙන් ඉබ්‍රාහිම් දැඩිව සම්බන්ධ වී කටයුතු කළේය. ඉරානය ආගමික රාජ්‍යයක් බවට පත්වීමෙන් අනතුරුව මෙකී විප්ලවයට සහ ආගමික රාජ්‍යයක් බවට පත්වීමට එරෙහිව හඬ නැගූ සහ වෙනත් දේශපාලන මතයන් දැරූ පිරිස් එවකට හිටපු ජනපති අයතුල්ලා කුමේනි විසින් අල්ලා සිරගත කරන ලද අතර ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමේ කමිටුවේ ප්‍රධාන නිලයක් ඉබ්‍රාහිම් විසින් දරණු ලැබිණි. යට කී මේ කණ්ඩායම්වල වුවමනාව වූයේ ඉරාකයේ ද සහය ඇතුළු මෙම ආගමික රාජ්‍යය විසුරුවා හැර වඩාත් නිදහස් දේශයක් ගොඩනගා ගැනීම වුවත් මේ සියලු දෙනා සිරගත කරනු ලැබිණි. ඔවුනට එරෙහිව චෝදනා ගොනු කිරීමේ දී ප්‍රධාන තනතුරක ඉබ්‍රාහිම් සිටි අතර ඔහුගේ නියෝගය මත සිරකරුවන් 5000 කට මරණ දඬුවම ලබා දුන්නේය. මෙය ඉතා රහසේ සිදුවුණු කාර්යයක් විය. වරකට 4 දෙනා බැගින් වශයෙන් මේ සියලු දෙනාවම දොඹකරවල එල්ලා මරා දමන ලදී. ඉන් පසු සමූහ සොහොනක මිහිදන් කරනු ලැබිණි. කෙතරම් රහසේ සිදුවුණු දෙයක් වුව ද 2011 දී මෙය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ද වාර්තා කරනු ලැබිණි. මෙයින් පසුව ඉරානය මානව හිමිකම් සුරැකීම අතින් පහත්ම අඩියට පත් වූ රටක් බවට පත් විය.

ඉරාන ජනාධිපතිවරයා විදෙස් සංචාරයන්ට එතරම් කැමත්තක් දක්වන්නකු නොවේ. එයට හේතුව වී ඇත්තේ මෙතරම් දැඩි ලෙස මානව හිමිකම් කඩකොට ඇති බැවින් විදෙස් රටක දී හෝ තමාව අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් කොට දඬුවම් ලබා දේ යැයි පවතින සැකය නිසාය.

ඉරානය ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සහයෝගය දක්වන බව ජාත්‍යන්තරයට රහසක් නොවේ. පසුගිය වසරේ ඊශ්‍රායලයට හමාස් ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරය උසි ගැන්වූයේ ද ඉරානය බව ප්‍රකට කරුණකි.

ඉරානය තුළ මුස්ලිම් නොවන සහ නිරාගමික ජන කොටස් කාලයක් තිස්සේ නිදහස් ජීවිත ගත කළ ද ඉබ්‍රාහිම් රයිසිගේ පත්වීමත් සමග ඔවුන් කෙරෙහි වූ බලපෑම ඉතා දැඩි වූ බව පැවසේ.

ඉබ්‍රාහිම්ගේ කැබිනට් මණ්ඩලයට තෝරාගෙන ඇත්තේ දැඩි ආගමික මතධාරීන්ය. එමෙන්ම ඔහුගේ ජනපතිධූරයත් සමග වෙනත් රටවල් මානව හිමිකම් කඩ කිරීමට හේතු වූ විවිධ ත්‍රස්තවාදී කණ්ඩායම් සමග ඉතා සමීප සබඳතා පවත්වන්නට ඔහු ඉදිරිපත් වූ බව පෙනෙන්නට තිබේ. විශේෂයෙන් හමාස්, හිස්බුල්ලා වැනි ත්‍රස්තවාදී සංවිධාන පෝෂණය කරන්නට ඉරාන ජනපතිවරයා පියවර ගෙන ඇති බව ජාත්‍යන්තරම දන්නා කරණයකි. හූති කැරළිකරුවන්ට ද සහයෝගය දක්වන බව පෙනෙන්නට තිබේ. අනෙක ඊශ්‍රායලය විනාශ කර දමන්නට අධිෂ්ඨාන කරගෙන සිටින ප්‍රධාන පෙළේ නායකයකු වන්නේ ද ඉරාන ජනපතිවරයාය.

මේ බොහෝ කාරණා හෙළිදරව් කරගෙන ඇත්තේ බටහිර මාධ්‍යවලින් බැවින් මේවා තුළ අතිශයෝක්තියක් ඇතැයි විටෙක සිතෙන්නට පුළුවන. කෙසේ නමුත් ඉරානය ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සහයෝගය දක්වන බව ජාත්‍යන්තරයට රහසක් නොවේ. පසුගිය වසරේ ඊශ්‍රායලයට හමාස් ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරය උසි ගැන්වූයේ ද ඉරානය බව ප්‍රකට කරුණකි. මේ සියල්ල පසුපස සිටින්නේ අද දින අප රටේ නිල සංචාරයක නිරත වී සිටින දැඩි ආගමික මතධාරී ඉරාන ජනපතිවරයාය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර