අපවත් වී වදාළ මහා විහාර වංශික සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ආණමඩුවේ ශ්‍රී ධම්දස්ස්යාභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව අද (24) පස්වරු 2.30ට මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී සිදු කෙරෙනු ඇත.අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ පිරිස උන් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනායක අනුස්මරණ ශාලාවේ සිට දේහය පස්වරු 1.00ට රිය පෙරහරකින් අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණය වෙත වැඩම කිරීමට සැලසුම් කර තිබේ.අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය නිමිත්තෙන් අස්ගිරි මහා විහාරයට ආසන්නයෙන්ම පිහිටා තිබෙන හේමමාලි බාලිකාව, පුෂ්පදාන බාලිකාව, වාරියපොළ ශ්‍රී සුමංගල හා සාන්ත සිල්වෙස්තර යන විදුහල් දහවල් 12.00ට වසා දැමීමට තීරණය කළ බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා කීය.අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයට මැති ඇමැතිවරු, තානාපතිවරුන් ඇතුළු ප්‍රභූන් රැසක් සහභාගි වීමට නියමිත ය.