කළු ගඟ මිල්ලකන්දෙන් තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ

කළු ගඟ, මිල්ලකන්ද ප්‍රදේශයෙන් තවදුරටත් සුළු ගංවතුර මට්ටමක පවතී.වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ, කළු ගඟ, පුටුපවුල සහ ඇල්ලගාව ප්‍රදේශවලින් තවදුරටත් ගංවතුර අවදානම් මට්ටමේ පවතින බවයි.

අත්තනගලු ඔය ද, දූනමලේ ප්‍රදේශයෙන් ගංවතුර අවදානම් මට්ටමේ පවතී.වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ඒ අවට පහත් බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බවයි.

අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 2ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපකට නිකුත් කළ නායයෑමේ රතු නිවේදන තවදුරටත් බලාත්මකයි.කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, ⁠දැරණියගල , ⁠රුවන්වැල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ⁠අයගම ⁠කුරුවිට හා ⁠ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර ඇති බවයි.

ඊට අමතරව කොළඹ, ගම්පහ, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට ද නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

කාලීන පුවත්