තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

මධ්‍යම, උතුර සහ උතුරු මැද පළාත්වලටත්, රත්නපුර, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, එම ප්‍රදේශවල පැයට කිලෝමීටර 40 ත් 50 ත් දක්වාවූ තද සුළං ඇති විය හැකි බවයි.

මේ අතර, කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය, ඉතා රළු විය හැකි බව ද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර 55 ත් 65 ත් දක්වා වැඩි විය හැකියි.

දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර 50 ක් පමණ දක්වා ඉහළ යා හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කාලීන පුවත්