දඹුල්ල වෙළෙඳපොළට එළවළු තොග සැපයුම කිලෝග්‍රෑම් ලක්ෂ දෙකකින් පමණ පහළ ගොස් ඇති බව විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති සී.ඒ. සිරිවර්ධන පවසයි.
ඊට හේතුවී ඇත්තේ අධික පෑවිල්ල නිසා වගාව විනාශ වීම සහ ගොවීන්ට නිසි පරිදි පොහොර නොලැබීම බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
දෛනිකව එළවළු කිලෝ ලක්ෂ හයකට අධික ප්‍රමාණයක් ලැබුණ බවත් ඊයේ (28) තොග සැපයුම කිලෝ ලක්ෂ හතරක් පමණ දක්වා පහළ ගිය බව හෙතෙම පැවසීය. තොග මිල පහළ ගිය බවත් මාළුමිරිස් කිලෝවක් සඳහා රුපියල් 500-550ක ඉහළම තොග මිල ලැබී ඇත.
කැරට් කිලෝවක තොග මිල රුපියල් 230-250ක්, වම්බටු 350ක්, මුරුංගා 150-200ක්, වට්ටක්කා 115ක්, බණ්ඩක්කා 60-70ක්, ලීක්ස් 200ක්, වැටකාළු 170ක තොග මිලකට අලෙවි ඇත.
රට පුරා එළවළු තොග ගැනුම්කරුවන්, ජංගම වෙළෙඳුන්ගේ පැමිණීම සාමාන්‍ය තත්ත්වයෙන් පැවැති බවත් ලැබුණ එළවළු තොග සම්පූර්ණයෙන්ම අලෙවි වූ බව සභාපතිවරයා පවසයි.