දිඹුලාගල සෙල් ලිපියෙන් සුදොවුන් රජු සෙවීමේ ඛේදවාචකය

මා ද්වීතීයික අධ්‍යාපනය ලත් පාසල අද්දර නිවෙසකට පිට පළාතකින් පවුලක් පදිංචියට ආහ. එහෙත් ,ඔවුන් තුළ පැවැති එක් අසාමාන්‍යතාවක් කෙරෙහි ද අපට එවක දැන ගන්නට ලැබිණ. එනම් එම පවුලේ ගෘහ මූලිකයා ඇතුළු සෙසු සාමාජිකයන් කවුරුන් හෝ තමන්ට හූනියම් කරතැයි යන බියකින් නිරතුරුවම පෙළුණු බවකි. ඒ අනුව ඔවුන් දිනපතා අලුයම නින්දෙන් පිබිදුණු මොහොතේ සිට වරින් වර තම ගෙවත්තේ හූනියම් ලකුණු ඇද්දැයි විපරම් කරන බව ද අපට දැන ගත හැකි විය. එසේ පරීක්ෂා කරන අතරේ යම් හෙයකින් මස් කටු කැබැල්ලක්, දෙහි ගෙඩියක්, කහ නූල් කැබැල්ලක්, කෙස් රොදක් ආදී වශයෙන් හූනියමකැයි සැක කළ හැකි යමක් තම ගෙවත්තේ තිබී හමු වුවහොත් ඉන් මහත් බියටත්, කෝපයටත් පත් වන එම පවුලේ සාමාජිකයන් තමන්ට එසේ හූනියම් කළ වුන්ට ශාප කරමින් හතර අතට බැන වදින බව ද එවක අපට රහසක් නොවීය. පසුව මේ කලබැගෑනිය තුරුම්පුවක් කර ගත් අපේ පාසලේ හිතුවක්කාර සිසුහු ද මඟ දී හමුවන එවැනි දෑ ගෙනවුත් රහසින් එම ගෙවත්තට වීසි කොට එම පවුලේ සාමාජිකයන් ඇවිස්සීමේ නොහොබිනා වැඩකට ඇබ්බැහි වී සිටියහ. නමුත් පසු කලෙක ඒ පවුල එම නිවසට නිරන්තරයෙන් එල්ල වන එබඳු හූනියම් වලට බියෙන් ඒ ප්‍රදේශය හැර ගිය බව අපට දැන ගන්නට ලැබිණ. එහෙත්,එහි විශේෂත්වය නම් ඔවුන් ඊට පෙර වාසය කළ ප්‍රදේශයෙන් එලෙස පලා ඒමට ද ඒ අහේතුක හූනියම් භීතිය ඉවහල් ව තිබීම ය. මගේ මතකයේ මුල්ලක නිදි ගැන්වී තිබූ ඒ හූනියම් පවුල පිළිබඳ කතාව යළි නිදි ගැට පිස දමා අවදි වූයේ මෑතකදී සොයා ගන්නා ලද මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමු වූ සුවිසල්ම සෙල් ලිපිය වන දිඹුලාගල ශිලා ලේඛනය හා සබැඳි සිදුවීමෙනි. ඒ ශිලා ලේඛනය වටා ද ඉහත සඳහන් හූනියම් පවුල බඳුම බරපතල මෝහයකින් පෙළෙන; එහෙත් ඊට වඩා විශාල නඩයක් එක් රොක් වී සිටිති. ඔවුන් පවසනුයේ මේ වන විට තම සිත තුළ පැළපදියම් වී ඇති බුදුන් ශ්‍රී ලංකාවේ උපත ලද බවට වන මෝහ සිතුවිල්ල එම දිඹුලාගල ශිලා ලේඛනයෙන් සක් සුදක් සේ පැහැදිලි වන බව ය. එනිසාම පුරා විද්‍යා බලධාරීන් ඇතුළු අදාළ කේෂ්ත්‍රයේ විද්වතුන් එම විප්ලවීය රහස සමාජයට හෙළි කර ගත නොහැකිව ඇටි කෙහෙල් කෑ උගුඩුවන් ගේ තත්වයට පත්ව හිඳින බව ය.

සෙල් ලිපියක් යනු අතීතය පිළිබඳ තත්කාලීන ලියවීමකි. සමකාලීන දත්ත හා මූලාශ්‍ර සම්බන්ධ නිරවද්‍ය පුරාවිද්‍යා සාක්ෂියක් ද වන එමඟින් වටිනා ඓතිහාසික තොරතුරු හෙළිදරව් කර ගත හැක. ඉතිහාසයේ සොයාගත් මෙම දැවැන්ත සෙල් ලිපිය මඟින් ද සමකාලීන ශ්‍රී ලාංකේය බුදු සමය පිළිබඳ තොරතුරු මෙන්ම එවකට සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික පසුබිම ද හෙළිදරව් වේ.නමුදු පොතක්,පත්තරයක් කියවන්නාක් මෙන් සෙල් ලිපියක් එක හුස්මට කියැවීමට නොහැකි ය.ඒ සඳහා විධිමත් ශාස්ත්‍රීය ගවේෂණ ක්‍රමවේදයක් සේම යම් කාල පරාසයක් ද අවශ්‍ය වේ.

මෑත වකවානුවේ මහත් ආන්දෝලනයකට ලක් වූ පුරාවිද්‍යාත්මක සොයා ගැනීම පොළොන්නරුව, දිඹුලාගල ප්‍රදේශයේ එම සෙල් ලිපිය බව නිසැක ය. එයට හේතුව මෙතෙක් අප රටේ සොයාගත් ශිලා ලිපි අතරින් විශාලතම ශිලා ලිපිය ද එය වීම ය. මෙම සෙල් ලිපිය උසින් මීටර් 6ක් සහ දිගින් මීටර් 18ක් පමණ වේ. මේ පිළිබඳව පුරාවිද්‍යාත්මක ක්ෂේත්‍රයේ මෙන්ම සමාජයේ විවිධ කතාබහට ලක් වූ අතර විවිධ පාර්ශ්ව මේ පිළිබඳව විවිධ අර්ථකථන ඉදිරිපත් කොට තිබේ.විශේෂයෙන් මෙය සමාජ ජාල පරිශීලකයන් ගේ නවතම කටගැස්ම වී ඇති බව ද පැහැදිලි ය.කෙසේ වුවද පසුගිය දා මෙම ශිලා ලිපිය පිළිබඳ මූලික වාර්තාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එළි දක්වා තිබිණ. ඒ අතර මෙසේ එළිදැක්වීම ප්‍රමාද වීම හා එහි අසම්පූර්ණ බව පිළිබඳව ද සමහරු විවිධ චෝදනා ද කරති.සමහරුන් පවසනුයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එහි ඇතැම් කොටස් හිතා මතා වසන් කරන බව ය.ඔවුන් අතරින් බුදුන් අප රටේ පහළ වූ බවට මෝහ සිතුවිලි ඇත්තෝ මුල් පෙළේම උජාරුවෙන් වැජඹෙති. සෙල් ලිපියක් යනු අතීතය පිළිබඳ තත්කාලීන ලියවීමකි. සමකාලීන දත්ත හා මූලාශ්‍ර සම්බන්ධ නිරවද්‍ය පුරාවිද්‍යා සාක්ෂියක් ද වන එමඟින් වටිනා ඓතිහාසික තොරතුරු හෙළිදරව් කර ගත හැක. ඉතිහාසයේ සොයාගත් මෙම දැවැන්ත සෙල් ලිපිය මඟින් ද සමකාලීන ශ්‍රී ලාංකේය බුදු සමය පිළිබඳ තොරතුරු මෙන්ම එවකට සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික පසුබිම ද හෙළිදරව් වේ.නමුදු පොතක්,පත්තරයක් කියවන්නාක් මෙන් සෙල් ලිපියක් එක හුස්මට කියැවීමට නොහැකි ය.ඒ සඳහා විධිමත් ශාස්ත්‍රීය ගවේෂණ ක්‍රමවේදයක් සේම යම් කාල පරාසයක් ද අවශ්‍ය වේ.නමුත් ඒ සම්බන්ධයෙන් බුදුන් අප රටේ පහළ වූ බව සිතන පිරිස් පවසනුයේ එම සෙල් ලිපියෙන් හෙළි වන එම විප්ලවීය රහස පුරාවිද්‍යා බලධාරීන් සඟවාගෙන හිඳින බවකි.ඒ අතර එම රහස කෙසේ හෝ යටපත් කරන ලෙස අප රටට ඉන්දීය බලපෑම් එල්ල වී ඇති බව පැවසෙන සමාජ ජාල විහිළු ද වරින් වර මතු කර ගත හැක.බුද්ධෝප්පත්තිය ඉන්දියාවේ සිදු වූ බවට ගෝලීය මට්ටමින් පිළි ගත හැකි ඓතිහාසික,පුරා විද්‍යාත්මක හා මානව විද්‍යාත්මක දත්ත හා මූලාශ්‍ර සම්භාරයක් හමුවේ මොවුන් බුදුන් අප රටේ උපන් බවට නඟන මතය නිවසේ ලුණු පොල් කට්ට සත් සමුදුර ලෙස හැඳින්වීමටත් වඩා බාල බොළඳ ය.

ශිලා ලේඛනයේ සැළකිය යුතු ප්‍රමාණයක් ගෙවී ගොස් ඇති බවත් එය සමස්ත ලේඛනයෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 60ක් පමණ වන බවත් මහාචාර්යවරයා සඳහන් කොට තිබේ.ඒ අනුව ඉතිරි සියයට 40කට කොටස අතරින් හඳුනාගෙන ඇති අක්ෂර පේළි අනුව දළ අර්ථයක් සකස්කර ගැනීමට හැකි වූ බවද මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කොට ඇත.එහි බ්‍රාහ්මීය අකුරු 24ක් උපයෝගී කරගනිමින් සකස් කර ඇති අතර මුළු ශිලා ලිපියේම අකුරු 1000කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත.

2023 වසරේ ජූලි මස 10 වනදා මෙම හඳුනාගනු ලැබූ සෙල්ලිපියේ බ්‍රාහ්මීය අක්ෂර පේළි 10ක් සහ ඇති බවත් මෙරට ඉතිහාසයේ මෙතෙක් ශිලා ලේඛනවල දැකගත නොහැකි අතිශය දුර්ලභ සංකේත හයක් හමු වී ඇති බවත් පැවසෙයි.ඒ පිළිබඳව කරුණු සොයා බලන්නට අධ්‍යක්‍ෂ ජනරාල් වරිය පසුගිය දා එකොළොස් දෙනකුගෙන් යුත් විශේෂඥ පිරිසක් පත් කළා ය. එහි සම සභාපතිත්වය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි විසින් දරන ලද අතර එහි සෙසු සම සභාපතිත්වය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන සහ නානක විද්‍යා අංශයේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය මාලනී ඩයස් විසින් හොබවන ලදී.නමුදු මේ වන විට එම ශිලා ලේඛනයේ සැළකිය යුතු ප්‍රමාණයක් ගෙවී ගොස් ඇති බවත් එය සමස්ත ලේඛනයෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 60ක් පමණ වන බවත් මහාචාර්ය වරයා සඳහන් කොට තිබේ.ඒ අනුව ඉතිරි සියයට 40කට කොටස අතරින් හඳුනාගෙන ඇති අක්ෂර පේළි අනුව දළ අර්ථයක් සකස්කර ගැනීමට හැකි වූ බවද මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කොට ඇත.එහි බ්‍රාහ්මීය අකුරු 24ක් උපයෝගී කරගනිමින් සකස් කර ඇති අතර මුළු ශිලා ලිපියේම අකුරු 1000කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත.භික්ෂූන් වහන්සේලාට ජලය අත්‍යවශ්‍ය වන බැවින් එම කඳු මුදුනට ජලය සැපයීමක් ගැන ද එම ශිලා ලේඛනයේ සටහන්ව ඇති බව මහාචාර්යවරයා පවසයි.

ඉංග්‍රීසි භාෂාව පිළිබඳ සාමාන්‍ය දැනීමක් ඇති අයකුට ඩේලි නිවුස් පුවත් පත කියවා තේරුම් ගත හැක.එහෙත්, ඒ දැනුම ඇත්තවුන් දස දහසකින් අයකුට වත් මීට වසර හාර සියයකට කලින් දහසය වන සියවසත් දාහත් වන සියවසත් අතර රචිත ෂේක්ස්පියර් නාටක පිටපත් කියවා වටහා ගත නොහැක. ඒ අනුව බලන විට මීට වසර දෙදහස් දෙසීයකට පමණ පෙර එනම් ක්‍රි. පූර්ව දෙවන සියවසේ ලියැවුණු ශිලා ලේඛනයක් කියැවූ සැනින් එහි අරුත වටහා ගත හැකි බවට යමකු කරන ප්‍රකාශයට යම් තරමකට හෝ වැදගත් වනුයේ විහිළුවක් ලෙස පමණි.

මේ අතර ස්වාමීන් වහන්සේලාට ලෙනක් පූජා කිරීම ගැනත් දාගැබක් කරවා පූජා කිරීම පිළිබඳවත් මෙම සෙල් ලිපියේ සඳහන් ව ඇති බව ද මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි සඳහන් කොට තිබේ.නමුත් බුදුන් වහන්සේ ලංකාවේ පහළ වූ බවට අන්ධ විශ්වාසයන් හි නිමග්නව හිඳින පිරිස් මෙහි “ශුද්ධෝදන” යන වචනය සඳහන් බව කියා සිටිති.එය අද වන විට ඔවුන් අතරේ පැතිර යන මහඟු තොරතුරක් ද වේ.ඒ අනුව අද ඇතැම් පිරිස් එම සෙල් ලිපිය තුළ සැඟව සිටින සුදොවුන් මහ රජතුමන් ගේ දුක සැප විමසීමට දිඹුලාගල චාරිකා වල ද යෙදෙති. “පිරිසිදු බත්” යන අරුත දෙන ශුද්ධෝදන යන වදන නීල මාතා පුරාණය නම් කාශ්මීර වංශ කතාවේ පවා එන ප්‍රාචීණ භාෂා කිහිපයකට පොදු වදනකි.එහෙත්, අප දන්නා පරිදි අප රටේ කිසිදු ශිලා ලේඛනයක නොමැති “ශුද්ධෝදන”යන වදන දිඹුලාගල ප්‍රදේශයේ සෙල් ලිපියේ ඇතැයි කවුරුන් හෝ පැවසීම අප පාසල අද්දර හූනියම් ගෙදරට අපේ පාසලේ හිතුවක්කාර කොල්ලන් කළ ක්‍රියාව බඳුම නොහොබිනා වැඩකි.මක් නිසා ද ඒ බහු බූත කතාව ඇසීමෙන් මේ වන විටත් අප සමාජයේ යම් පිරිසක් මොළේ කුරුවළු කර ගෙන හිඳින බැවිනි.එමෙන්ම මෙම නොහොබිනා ක්‍රියාවට පුරා විද්‍යා ක්ෂේත්‍රයට සම්බන්ධ කුහක හා කපටි සිත් ඇත්තවුන් කිහිප දෙනකු ද සම්බන්ධ බව ප්‍රසිද්ධ රහසකි.
ඉංග්‍රීසි භාෂාව පිළිබඳ සාමාන්‍ය දැනීමක් ඇති අයකුට ඩේලි නිවුස් පුවත් පත කියවා තේරුම් ගත හැක.එහෙත්, ඒ දැනුම ඇත්තවුන් දස දහසකින් අයකුට වත් මීට වසර හාර සියයකට කලින් දහසය වන සියවසත් දාහත් වන සියවසත් අතර රචිත ෂේක්ස්පියර් නාටක පිටපත් කියවා වටහා ගත නොහැක. ඒ අනුව බලන විට මීට වසර දෙදහස් දෙසීයකට පමණ පෙර එනම් ක්‍රි. පූර්ව දෙවන සියවසේ ලියැවුණු ශිලා ලේඛනයක් කියැවූ සැනින් එහි අරුත වටහා ගත හැකි බවට යමකු කරන ප්‍රකාශයට යම් තරමකට හෝ වැදගත් වනුයේ විහිළුවක් ලෙස පමණි. මක් නිසාද යත් ඒවායේ එන සෑම වදනක්ම සංතීක්ෂණ විමසුමකට ලක් කළ යුතු බැවිනි.
මේ වන විට අනාවරණය වී ඇති අන්දමට එම සෙල් ලිපියේ දළ අර්ථ විග්‍රහය මෙසේ ය.
1 පේළිය – බෙහෙවින්ම විනාශ වීම නිසා කිසිදු අර්ථයක් දිය නොහැකිය,

2 පේළිය – පූර්ණ පෙළ අර්ථ දිය නොහැකිය. බගුබශිග නැමැත්තකුගේ බිරියක් පිළිබඳවත් සඳහන්ය,

3 පේළිය – පෙළ හා අර්ථ දිය නොහැකිය. බගුබශිග නමැත්තකුගේ බිරියක් පිළිබඳවත් මැණික් කර්මාන්ත කරුවකු ගැනත් සඳහන්ය.

4 පේළිය – පූර්ණ පෙළ හා අර්ථ දිය නොහැකිය. ගම් පාලක කෝලිත නමැත්තකු මාර්ග සකස් කිරීමක් ගැනත්, තිස්ස නම් කුමාරයකු විසින් වැටක් (නම් පෙළක්) ලියා තැබීම පිළිබඳවත්, අශ ගනිගේ පුත්‍ර ශිව කුමාරයා ගැනත්, ඔහුගේ පුත්‍ර සූරතිස්ස නම් කුමාරයකු ගැනත් සඳහන්ය.

5 පේළිය – පූර්ණ පෙළ හා අර්ථ දිය නොහැකිය – ගෝත, ශකස දේව, බගුබශිග ශිවපි නම් ගමෙහි පාලකයකු ගැනත් සඳහන්ය.

6 පේළිය – පූර්ණ පෙළ හා අර්ථ දිය නොහැකිය. ගම් දරුවන්ගේ ප්‍රමුඛාචාර්යවරයකු ගැනත්, කිසියම් තෙරුන් වහන්සේ නමක් ගැනත්, පරිච්ජ නම් තැනැත්තකුගේ දියණිය වූ රාධි නමැත්තියක ගැනත්, දක්ඛින දිශාව ගැනත් සඳහන්ය.

7 පේළිය – පූර්ණ පෙළ හා අර්ථ දිය නොහැකිය.විශාක නම් කුමාරයකු ගැනත්, බ්‍රාහ්මණ ගමෙහි ඇති – අරිහතන නම් ආයතනයක් හෝ මූල්‍ය ආයතනයක් පිළිබඳවත් සඳහන් ය.

8 පේළිය – පූර්ණ පෙළ හා අර්ථ දිය නොහැකිය. උප රාජයකු ගැනත්, ජලය සැපැයීමක් පිළිබඳවත් ලෙනක් සහ දාගැබක් කරවා සංඝයා වහන්සේට පූජා කිරීමක් ගැන සඳහන්ය.

9 පේළිය – පූර්ණ පෙළ හා අර්ථ දිය නොහැකිය. මුධි නම් ස්වාමියකු ගැනත්, සංඝයා වහන්සේ කෙරෙහි භක්තිවන්තයකු ගැනත්, අස්වැන්නෙහි බද්ද පිළිබඳවත් සඳහන්ව ඇත.

10 පේළිය – පූර්ණ පෙළ හා අර්ථ දිය නොහැකිය. බරජය නම් කුටිය සංඝයා වහන්සේට දීමක් ගැන කියැවෙයි.සෙල් ලිපියේ මූලික දළ කියැවීම මෙසේ වුව මෙය සපයා ගෙන ස්පර්ෂ ලාංඡන පිටපතක් ලෙස ය. ඉදිරියේදී මේ සම්බන්ධව අදාළ ශිලා ලේඛනය සමීපයටම ගොස් පියවි ඇසින් බලා ලිපිය කියවන විට මෙහි ඇතැම් පද සඳහා අර්ථකථන වෙනස් වීමට ඉඩ ඇති බව පුරා විදාඥයන් ගේ පොදු මතය වී තිබේ.

මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන හා නානක විද්‍යා අංශයේ සහකාර අධ්‍යක්ෂ බුද්ධි නාගොඩවිතාන පවසන කරුණෙහි වැදගත් බව ද මෙහි ලා සඳහන් කළ යුතුම ය.එනම් මෙබඳු සෙල් ලිපියක සම්පූර්ණ අර්ථ විග්‍රහය ඉදිරිපත් කිරීම අතිශය වගකීම් සහිත කාරියක් බැවින් එය ස්පර්ශ ලාංඡන පිටපතක් පදනම් කරගෙන පමණක් කළ හොහැකි සේම ඒ සඳහා යම් කාලයක් ද ගත වන බවකි. ලොව සෙසු බොහෝ රටවලට සාපේක්ෂව .ශ්‍රී ලංකාව දිගු කාලීන සෙල්ලිපි සම්ප්‍රදායක් සහිත රටකි. එනිසා ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගොඩනැගීමේ දී සෙල්ලිපි මූලාශ්‍ර වලින් සුවිසල් පිටිවහලක් ලැබී තිබේ. එමෙන්ම රටපුරා විසිරී ඇති දහස් ගණන් සෙල්ලිපිවල ලියවී ඇත්තේ කුමක්දැයි දැනගැනීමට බොහෝ දෙනෙක් කුතුහලයකින් පසුවෙති.එනිසාම ඇතැම් විවාදාත්මක සෙල්ලිපි පිළිබඳව හා ඉන් පැවසෙන පිළිබදව අත්තනෝමතයක් ඇති කර ගැනීමට යමෙකු කැමැත්තක් දැක්විය හැකිය.ඉහත සිදුව ඇත්තේ ද එවන් යමකු ගේ අත්තනෝමතයක් පෙරදැරිව සමාජමය අන්ධානුකරණ පෙළඹීමකි.මෙම ප්‍රවණතාව මුල් කොට අතීතය පිළිබදව එවන් කුතුහලය මත පදනම් වන උනන්දුවක් සහිත එනමුත් සෙල්ලිපි පිළිබදව විධිමත් අධ්‍යාපනයක් සිදු කිරීමට නොහැකි වූ එවැනි පුද්ගලයන් වෙත විධිමත් ශාස්ත්‍රීය දැනුම ලබාගත හැකි කෙටි කාලීන පාඨමාලාවක් කැලණිය විශ්ව විද්‍යාලයීය පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය මඟින් ද අරඹා තිබිණ.සංචාරක මඟපෙන්වන්නන්, විශ්වවිද්‍යාල සිසුන්, පාසල් ගුරුවරුන්, මාධ්‍යවේදීන්, ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබද උනන්දුවක් දක්වන පාසල් සිසුන් හා සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ගත් මෙවැනි පාඨමාලා වලින් මේ වන විට වල්මත් වී ඇති සෙල් ලිපි කියැවීම හුදු “පිස්සු කෙලීමක් “නොවන විද්‍යා ශාස්ත්‍රයක් සේ පවත්වා ගෙන යාමට මාහැඟි පිටිවහලක් ලැබෙන බව අප ගේ වැටහීම ය.

රේණුකා දමයන්ති

එතෙර - මෙතෙර