දයාසිරිත් කෝප් කමිටුවෙන් ඉවත් වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ. සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

ඔහු සඳහන් කර ඇත්තේ, කෝප් කමිටුවේ සභාපතිවරයාට එල්ල වන චෝදනා නිසා ඔහු සමග වැඩ කළ නොහැකි බව ය. මේ අතර, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ද කෝප් කමිටුවේ සාමාජිකත්වයෙන් ඊයේ (මාර්තු 18) ඉල්ලා අස් විය.

 

කාලීන පුවත්