නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සේම ප්‍රවීණ දේශපාලනඥයකු වූ නන්දන ගුණතිලක මහතා අද (18) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ. ඒ රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 63 වියේ පසුවිය. 1982 වසරේ සිට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු වූ ඒ මහතා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් 1999 වසරේ ජනාධිපතිවරණයටද ඉදිරිපත් වී තිබුණි.එමෙන්ම එම පක්ෂය නියෝජනය කරමින් පසු කලෙක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා වැඩබලන තැපැල් හා විදුලි සංදේශ සහ සංචාරක අමාත්‍ය ධුරයන්ද හෙබවීය.ඉන්පසුව ප්‍රතිපත්තිමය ගැටුමක් මත 2004 වසරේ ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ ඒ මහතා එක්සත් ජාතික පක්ෂය සමග එක්වූ අතර එම පක්ෂය නියෝජනය කරමින් පානදුර නගර සභාවේ නගරාධිපති ධුරයටද පත් විය..

කාලීන පුවත්