මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සවිකර තිබූ පුරාවිද්‍යා නාම පුවරු ගලවා ඉවත් කිරීමේ නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් වාලච්චේන කෝරලේපත්තු ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ඇප මත මුදා හැරීමට වාලචේන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ(25) නියෝග කළේය.එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, උප සභාපතිවරයා ඇතුළු සිව්දෙනෙකු නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වීමෙන් අනතුරුව මෙලෙස ඔවුන් අප මත මුදා හරින ලෙස අධිකරණය නියම කරනු ලැබීය.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවස්තු පවතින ස්ථානවල දිශානතිය සලකුණු කරමින් දිශා පුවරු සහ සංඥා පුවරු සවි කර තිබූ අතර එම සංඥා පුවරු අදාළ ප්‍රාදේශීය සභාවේ බලධාරීන් විසින් පසුගිය 22 වැනිදා ගලවා කසල ප්‍රවාහනය කරන ටැක්ටරයකට පටවා ගෙන ගොස් තිබිණි.මෙම සංඥා පුවරු ගැලවීමේ සිද්ධියට සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් වාලච්චේන පොලීසියට පසුගියදා පැමිණිල්ලක්ද ගොනු කළේය.එම පැමිණිල්ලට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය උත්සාහ කළ ද එය ව්‍යාර්ථ විය.වාලච්චේන කෝරලේපත්තු ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අධිකරණය වෙත භාර වී ඇත්තේ එවන් පසුබිමක ය.