අංක තහඩු සහ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය පිළිබඳ විමර්ශනයක් පවත්වා සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දෙනලදි.එම ප්‍රමාදය ආරම්භ වූ ආකාරය, ඊට බලපෑ පරිපාලනමය හා තාක්ෂණික කරුණු මෙන්ම අදාළ ටෙන්ඩර් හා ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් දින 45කදී ඉදිරිපත් කරන ලෙස උපදෙස් දුන් බව ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.
යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඉකුත්දා රැස් වූ අවස්ථාවේදී මේ ගැන සාකච්ඡා කර ඇත.අංක තහඩු නිකුත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් කරුණු විමසූ කාරක සභාව, එයට හේතු, ආරම්භවූ අවස්ථාව, ගත් පියවර සහ අදාළ ටෙන්ඩර් හා ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් හා සම්පූර්ණ විමර්ශනයක් කරන ලෙසද උපදෙස් දෙනලදි.
2026 මාර්තු 10 වැනිදායින් පසු ලියාපදිංචි කළ වාහන සඳහා දින 14ක් ඇතුළත අංක තහඩු ලබාදීම ආරම්භ කර ඇති බවද නිලධාරීහු සඳහන් කරඇත.රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය පිළිබඳවද සාකච්ඡා වියදැනට මුද්‍රණය සඳහා පවතින බලපත්‍ර ප්‍රමාණය 678,000ක් පමණ වන අතර දෛනික මුද්‍රණ ධාරිතාව බලපත්‍ර 4,600ක් පමණක් බැවින් පසුබෑම තවදුරටත් වර්ධනය වන බව නිලධාරීහු පවසාඇත.
එය කඩිනමින් විසඳීම සඳහා ඔක්තෝබර් 15 වැනිදා වනවිට නව මුද්‍රණ යන්ත්‍ර දෙකක් ස්ථාපනය කර දෛනික ධාරිතාව බලපත්‍ර 8,200ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවද ඔවුහු සඳහන් කරයි.