මෙරව පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මීටර් 110 කඩුලු මතින් දිවීමේ පිරිමි ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට රොෂාන් ධම්මික සමත්විය.
මේ අතර මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ පිරිමි මූලික වටයේ තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කල එෆ් ඒ මොහොමඩ් සමත් විය.ඒ සඳහා ඔහු ගතකළ කාලය තත්පර 53ක්.
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ අද දිනයේ බර ඉසිලීම , බොක්සිං , පිහිණුම් සහ ධාවන තරග පැවැත්වුණු අතර එහිදී ශ්‍රී ලංකාව තබා තිබූ තවත් පදක්කම් බලාපොරොත්තුවක් ගිලිහී යනලදි.